~

කිලී මහාරාජාට ජනාධිපති බෑණාට කෝටි දහස් ගණනක් කැපෙන දූෂිත යුද නැව් ඩීල් එකට කැබිනට් අනුමැතිය: කොමිටියක් දානවාටත් ජනාධිපති මුලදී විරුද්ධ වෙයි

(ලංකා ඊ නිව්ස් -2017.ඔක්.04,  ප.ව‍‍.5.10) කිලී මහාරාජාට සහ ජනාධිපති බෑණාට රුපියල් කෝටි දහස් ගණනක් ගසා කෑම සඳහා ඉඩ කඩ සලස්වමින් නොවටිනා ගණනකට පරණ යුද නැවක් මිලදී ගැනීම සඳහා ජනාධිපතිවරයා විසින් ඉදිරිපත් කරන ලද කැබිනට් පත්‍රිකාවට කැබිනට් අනුමැතිය ලැබී තිබේ.

රටේ යුද්දයක් නැතිව තිබෙන අවස්ථාවක හුදෙක් කොමිස් ගසා කෑමේ එකම අරමුණින්ම ගෙන එන ලද මෙම යුද නැව් ඩීල් කැබිනට් පත්‍රිකාව සඳහා කිසිදු ඇමැතිවරයෙකු ජනාධිපතිවරයාට විරෝධය දැක්වූයේ නැති අතර මංගල සමරවීර පමණක් මෙම ගණුදෙනුව සඳහා කොමිටියක් පත් කරන ලෙස ඉල්ලා සිටියේ ය. 

ජනාධිපතිවරයා ඊට ද විරෝධය දක්වමින් කියා සිටියේ මෙය රාජපක්ෂලා විසින් අත්සන් කරන ලද රුසියානු ණයක ඉතිරිය බැවින්ද රටවල් දෙකක් අතර ඍජුව කෙරෙන ගණුදෙනුවක්ද නිසා කොමිටියක් අනවශ්‍ය බවයි. 

නමුත් මෙම ගණුදෙනුව ජනතාවගේ අවධානයට ලක්ව ඇති බැවින් කොමිටියක් පත් කිරීම යෝග්‍ය යැයි සමරවීර ඇමැතිවරයා පැවසීමෙන් අනතුරුව කොමිටියක් පත් කිරීමට ජනාධිපතිවරයා අකමැත්තෙන් නමුත් කැමැති විය. එය කුමන වර්ගයේ කමිටුවක් දැයි මෙතෙක් නොදනී.

ලංකා ඊ නිව්ස් කළ සොයා බැලීමේ දී දැන ගන්නට ලැබුනේ රාජපක්ෂලා අත්සන් කළ ණයක ඉතිරි මුදලක් වුවද ඒ ණයෙන් යුද නැවක්ම හෝ යුද අවිම මිලදී ගත යුතු යැයි නියමයක් නැති බවයි. කබල් යුද නැවක් සඳහා වියදම් කරන මේ මුදල ලංකාව පසුගිය වසරේ සෞඛ්‍ය සඳහා වියදම් කළ සම්පූර්ණ මුදලින් බාගයකි. මේ ඉතිරි ණයෙන් රටට අත්‍යාවශ්‍ය වෙනත් දෙයක් මිලදී ගත හැකිය. පෙට් ස්කෑනර් යන්ත්‍රයක් මිලදී ගැනීමට හිඟා කද්දී ජනාධිපති බෑණාට සහ කිලී මහාරාජාට කෝටි දහස් ගණනක මුදලක් කැපෙන (යුද නැවෙන් සහ ඊට අදාල හෙලිකොප්ටර් දෙකෙන් පමණක් රටට අහිමි වන මුදල රු. කෝටි 16,677 කි ) යුද නැවක්ම කිසිදු ටෙන්ඩර් කැඳවීමකින් තොරව මිලදී ගැනීම කුමන වර්ගයේ යහපාලනයක්ද? මේ වර්ගයේම අලුත් යුද නැවක් මෙම මුදලට වඩා හරි අඩකටත් අඩුවෙන් මිලදී ගැනීමට හැකියාව තිබියදී වසර 10 ක් පරණ රුසියානු දැරහැව මිලදී ගන්නේ දෙගුණයකටත් අධික මිලකට එනම් ඇ.ඩො. මිලියන 88 ක් වැඩිපුර මිලකට  බවත් ඊට අදාල හෙළිකොප්ටර් දෙක නියමිත මිලට වඩා ඇ.ඩො.මිලියන 21 ක් අධික බවත් ලංකා ඊ නිව්ස් හෙළි කෙළේය. එහි රුපියල් වටිනාකම රු. කෝටි 16,677 කි.

මහා දූෂණ විරෝධීන් ලෙස එළියේ පෙනී සිටින චම්පික රණවකලා රාජිත සේනාරත්නලා දයාසිරි ජයසේකරලා සරත් ෆොන්සේකලා ජනාධිපතිගේ දූෂිත කැබිනට් පත්‍රිකාවට නොකර කතා අනුමැතිය දීම කණගාටුදායක ය. කිලී මහාරාජාගේ නාලිකාවෙන් ලැබෙන ප්‍රචාරය නොලැබේ යයි බිය නිසා ජවිපෙ නායකයා ද මේ දූෂිත ගණුදෙනුව ගැන මුඛය වසාගෙන සිටී. රෑට ජනාධිපතිගෙන් කා දවල්ට සත්‍යග්‍රහ කරන සිවිල් සංවිධාන නායකයන්ද කෂාය බිව් ගොලුවන්සේ ය. පඳුරකට ගැසූ විට බුරුත්තක් එළියට විසිවන දූෂණ විරෝධී සංවිධානද අන්ධයන් සේ ය. කැබිනට්ටුව නියෝජනය නොකරන එජාප රැඩිකල් රැල්ලද තවමත් නිහඬ ය.

(අදාල කැබිනට් පත්‍රිකාව පහත දැක්වේ)

සබැඳි පුවත්
* ගෝඨාගේ මිග් ඩීල් එක පරාදයි..! අවුරුදු 10 ක් පරණ යුද නැවක් සමග පරණ ජෙට් 6 ක්, හෙලිකොප්ටර් 2 ක්, යුද ටැංකි 33 කින් මහාරාජා සහ ජනාධිපති බෑණා කෝටි දහස් ගණනක ගැහිල්ලක..! යෝජනාව ජනාධිපතිගෙන්.!!
* මෛත්‍රී ජනපතිගේ ‘බබා හුකුං‘ කාලය ඉවරයි..! මහාරාජාගේ සහ බෑණාගේ යුද නැව් ගැහිල්ලට විරුද්ධ වූ ට්‍රැවිස් සින්නයියා මාසයකින් ගෙදර යවයි..!! අද්මිරාල්ලා 3 ක් යුද නැව එපා කියලා; ගණන් අරන් නෑ
* මාස 4 කින් ජනාධිපති ‘බල්ලා මාර්ක්‘..! දෛවඥයන් කියලා..!! ඊට කලින් යුද නැව් ඩීල් එකෙන් ගාණ කපන්න හදලා: ටෙන්ඩර් කැඳවා නෑ: කැබිනට් ප්‍රකාශක කීවේ බොරු

---------------------------
by     (2017-10-04 18:30:32)

ඔබගේ කාරුණික පරිත්‍යාගයෙන් තොරව ලංකා ඊ නිව්ස් පවත්වාගෙන යා නොහැක.

Leave a Reply

  16 discussion on this news

රාජපක්ෂලා අත්සන් කළ ණයක ඉතිරි මුදලක් වුවද ඒ ණයෙන් යුද නැවක්ම හෝ යුද අවිම මිලදී ගත යුතු යැයි නියමයක් නැත. කබල් යුද නැවක් සඳහා වියදම් කරන මේ මුදල ලංකාව පසුගිය වසරේ සෞඛ්‍ය සඳහා වියදම් කළ සම්පූර්ණ මුදලින් බාගයකි. මේ ඉතිරි ණයෙන් රටට අත්‍යාවශ්‍ය වෙනත් දෙයක් මිලදී ගත හැකිය. පෙට් ස්කෑනර් යන්ත්‍රයක් මිලදී ගැනීමට හිඟා කද්දී ජනාධිපති බෑණාට සහ කිලී මහාරාජාට කෝටි දාසය දහස් හයසීයකට අධික මුදලක් කැපෙන (යුද නැවෙන් සහ ඊට අදාල හෙලිකොප්ටර් දෙකෙන් පමණක්) යුද නැවක්ම කිසිදු ටෙන්ඩර් කැඳවීමකින් තොරව මිලදී ගැනීම කුමන වර්ගයේ යහපාලනයක්ද? මේ වර්ගයේම අලුත් යුද නැවක් මෙම මුදලට වඩා හරි අඩකටත් අඩුවෙන් මිලදී ගැනීමට හැකියාව තිබියදී වසර 10 ක් පරණ රුසියානු දැරහැව මිලදී ගන්නේ දෙගුණයකටත් අධික මිලකට එනම් ඇ.ඩො. මිලියන 88 ක් අධික මිලකටය. ඊට අදාල හෙළිකොප්ටර් දෙක නියමිත මිලට වඩා ඇ.ඩො.මිලියන 21 ක් අධිකය.
-- by රෝනි on 2017-10-04

මරා කොටි විකුනල රට කෑවා, මරුසිරා දරුණුම කොටියෙක් ලං කරගෙන හමුදාව විකුණගෙන කනව. සිරිසේන මේ කෙලෙසන්නෙ හමුදාවක ගෞරවය.
-- by ජයනි on 2017-10-04

කිලී මහරාජා වගේ උග්‍ර කොටියෙක් හරහා ආරක්ෂක හමුදා වලට අවි ආයුධ ලබා ගන්නව නං, සිරිසේන කියන්නෙ හමුදාව පාවල දෙන බල්ලෙක්!
-- by සිංහ on 2017-10-04

පෙට් ස්කෑනර් යන්ත්‍රයක් මිලදී ගැනීමට හිඟා කද්දී ජනාධිපති බෑණාට සහ කිලී මහාරාජාට කෝටි දාසය දහස් හයසීයකට අධික මුදලක්...! හිටං බලාගෙන හිටහන්!
-- by Gayan Perera on 2017-10-04

සිරිසේන තොට ජනාධිපතිකම අරං දුන්නෙ මේ වගෙ පල් හොරුන්ට රටේ ධනය මංකොල්ල කන්න ක්‍රම හදල දෙන්නද? තොට හෙනම ගහනව, මේ අසරණයන්ගෙ සල්ලි. 6444
-- by roja on 2017-10-04

When will be able to get rid off this man MY3 & RW, like MR. Pl god send these 3 rouges out of our world.
-- by gunda on 2017-10-04

Pl god send these rouges MY3, &MR; out of our country asap.
-- by gunda on 2017-10-04

නමුත් මෙම ගණුදෙනුව ජනතාවගේ අවධානයට ලක්ව ඇති බැවින් කොමිටියක් පත් කිරීම යෝග්‍ය යැයි සමරවීර ඇමැතිවරයා පැවසීමෙන් අනතුරුව කොමිටියක් පත් කිරීමට ජනාධිපතිවරයා අකමැත්තෙන් නමුත් කැමැති විය. එය කුමන වර්ගයේ කමිටුවක් දැයි මෙතෙක් නොදනී.
-- by Sobithawathara on 2017-10-04

Aiyo ! Aho ! Mage 'LANKA' Amme!!!"!" monawade mei venne ???A.C.R
-- by acr pererac on 2017-10-04

අවවාදයයි! මේක දූෂිත ගණුදෙනුවක් නම්, පොතේ හැටියට නීතියේ හැටියට කාටවත් ඇඟිල්ලක් ගහන්නට ඉඩක් නොතබා අකුරටම කර ගත යුතුයි! නැති නම් වෙනත් හෝ ඊළඟ රජයක් යටතේ මෛත්‍රීපාල ගොබ්බරාළටත් අර දකුණු කොරියාවේ හිටපු ජනාධිපතිට වගේ මාංචු වැටෙනවා ඒකාන්තයි!
-- by Chan on 2017-10-04

කොහොම වෙතත් මේ ගණුදෙනුවේ සැබෑ තොරතුරු සිරස "විමර්ශණ" තුළින් හෙට අනිද්දා වෙන කොට හෙළිදරව් කරන එක නම් ඒකාන්තයි! කීලි මහරජා තියා මොන යකා ගෑවිලා හිටියත් සිරසට ඒක වැදගත් නැහැ! ඒ අය හරිම අපක්ෂපාතීයි ලු නේ ද?
-- by චාන් on 2017-10-04

රාජ්‍ය දේපල හොරා කන එවුන් බල්ලො කපුටො විදිහට උපදිනවාලු. අනේ අපට මේ ආත්මයේ දීම ඒ එකෙක් දෙන්නෙක් බලා ගන්න වාසනාව තිබුණොත්............
-- by Openmind on 2017-10-05

Dear LEN, if what you are reporting is right the nation should not have any more reason to put up or hang in with this Yahapalana MARALAYA or its president or the prime minister. You did a magnanimous job along with many other like-minded people to get those two people elected but only to find that they could be worse than the previous clan. Therefore, it may be high time for those alliances to get together again and start offering an alternative option for the nation to look for in 2020 before it is too late. The bottom line is that these two people at the top have proven over and over again beyond any doubt that none of them are fit for the jobs they were elected to do. The only way to get these TWO NEW ALIBABAS & THEIR 40 NEW THIEVES to act in the best interest of the country or otherwise, get rid of them lock, stock and barrel will be by offering an alternative team of true leaders, who will and who can do the job without mucking around like these two dummies at the top!...
-- by friend on 2017-10-05

කිලී මහරාජා කියන නීල හොරාත් එක්ක ජනාධිපති මෛත්‍රිට තියෙන ගණුදෙණුව මොකක්ද?
-- by ඩයස් on 2017-10-05

කිලී මහරාජ වැසිකිලි බල්ලෙක්, මූ වියාපාර ගෙනියන්නෙ තර්ජනයෙන්.
-- by Nuwan Silva on 2017-10-05

පහුගිය කාලේ සියලුම ලොතරැයි ප්‍රතිපල රජයේ රූපවාහිනියෙන් ඉවත් කරල මුගේ වැසිකිලි සිරසෙන් ප්‍රචාරය කරන්න දැඩි උත්සාහයක් ගත්තා. ආණ්ඩුව ඒක ප්‍රතික්ෂේප කරා. එදා පටන් අගමැතිට මුගේ වැසිකිලි සිරසෙන් එලව එලව පාර දෙනව.
-- by සමාස් on 2017-10-05

News Categories

    අතීතයෙන් පාඩමක් - විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ ලිපි

    අධිකරණ

    අප්පු-ආමි ගේ ‌කොළම

    අඹයාගේ ඇඹුල

    ආචාර්ය අමලානන්ද ‌ගේ ලිපි

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවකට මහජන යෝජනා

    ආනන්දගේ පරිවර්තන

    ආනුභාවනන්දගේ ලිපි

    more

Links