~

පාස්කු බෝම්බ පිපිරවීමට පහසුකම් සැපයීම වෙනුවෙන් මෛත්‍රිපාල සිරිසේන ඇ.ඩොලර් මිලියනයක් අරන්..! සල්ලි සැඟවූ තැන පවා හෙළිවේ..!

චන්ද්‍රප්‍රදීප් හෙළිකරයි

(ලංකා ඊ නිව්ස් -2020.‍දෙසැ.24, පෙ.ව.5.45) පාස්කු බෝම්බ මාලාව පුපුරුවා හැරීමට පහසුකම් සපයා දීම සහ එහි පසුපස සිටි සැබෑ වග උත්තරකරුවන් පිළිබඳ තොරතුරු සැඟවීම සඳහා එවක රාජ්‍ය නායකයාව සිටි පල්ලෙවත්‍ත ගමරාළලාගේ මෛත්‍රීපාල යාපා සිරිසේන නමැත්තා විදේශ බලවේගයකින් ඇ. ඩොලර් මිලියන 01 ක් හෙවත් රුපියල් කෝටි 19 ක් ලබා ගෙන ඇතැයි ලංකා ඊ නිව්ස් අභ්‍යන්තර තොරතුරු සේවය වෙත වාර්තා වී තිබේ. 

මෙම මුදලේ අවසන් ගනුදෙනුව සම්පූර්ණ මුදල් වලින් සිදුව ඇත්තේ බෝම්බ ප්‍රහාරය සිදුවූ දින සිංගප්පූරුවේ දී බවත් එදින මෛත්‍රීපාල සිරිසේන සිංගප්පූරුවේ සිට ලංකාවට ඒම ප්‍රමාද වූයේ මුදල් ගණුදෙනුව අවසන් වෙන තුරු සිංගප්පූරුවේ රැඳී සිටීම අත්‍යවශ්‍ය වූ නිසා බවද වැඩි දුරටත් වාර්තා වේ. මෙම ගණුදෙනුවේ අතරමැදියා ලෙස කටයුතු කළ සිරිසේනගේ කුප්‍රකට බෑණා හෙවත් දියණිය චතුරිකා සිරිසේනගේ නිල ස්වාමි පුරුෂයා වන තිළිණ සුරංජිත් නමැත්තා මෙම අවසන් ගණුදෙනුව සිදුකෙළේ සිංගප්පූරු මුහුදේ නවතා තිබූ සුපිරි කෲෂ් නෞකාවක දී බව වාර්තා වී තිබේ.

වත්මන් රාජපක්ෂ ආණ්ඩුව පාස්කු ප්‍රහාරයට වගකිවයුත්තන් සම්බන්ධයෙන් සැබෑ තොරතුරු සෙවීම වෙනුවට සිදුකරන්නේ 'අපරාධ විශුද්ධ කිරීමේ කොමිසමක්' මගින් ඒවා සැඟවීම නිසා ඒ සැබෑ තොරතුරු දන්නා අය ඒ පිළිබඳ ලංකා ඊ නිව්ස් අභ්‍යන්තර තොරතුරු සේවය වෙත සත්‍ය තොරතුරු ලබාදෙමින් තිබෙන බැවින් ඒ කුරිරු අපරාධය පිළිබඳ සත්‍ය ජනතාවට හෙළිදරව් කිරීම අපගේ වගකීම වී තිබේ. 

වත්මන් රාජපක්ෂ ආණ්ඩුවට අප හෙළිකරන තොරතුරු වල සත්‍ය අසත්‍යතාවය සෙවීමට අවශ්‍ය නම් ඊට ද සහාය වීමට අපට පිළිවන. ඒ නම් සිරිසේන මෙම මුදල් සැඟවූ පුද්ගලයා පිළිබඳ තොරතුරු හෙළිකිරීමෙනි. 

මෛත්‍රීපාල ගත් අල්ලස් සල්ලි සැඟවූයේ කා ලඟද?

පාස්කු බෝම්බ පිපිරවීමට පහසුකම් සැපයීම සහ එහි සැබෑ ගෝඩ් ෆාදර් ලා සැඟවීම වෙනුවෙන් මෛත්‍රීපාල සිරිසේන ලබා ගත් අල්ලස් මුදල් සහ තවත් විවිධ දූෂණ සඳහා ඔහු ලබා ගත් අල්ලස් මුදල් සඟවා ඇති පුද්ගලයන්ගෙන් ප්‍රධාන අයෙක් වන්නේ 'ඉන්දික සමරසිංහ' හෙවත් 'ජපන් ඉන්දික' නමැති පුද්ගලයාගේ ගිණුම් වල ය. ජපන් ඉන්දික විවාහ වී සිටින්නේ ජපාන ජාතික කාන්තාවක් සමග වන අතර මෛත්‍රීපාල සිරිසේනගේ කළු සල්ලි සැඟවීමට ඔහුට එය ඉමහත් පිටුවහලක් වී තිබේ. මන්ද ජපානයේද ඔහුට බැංකු ගිණුම් පවතින නිසා ය. ඩුබායි හි ද ඔහුට බැංකු ගිණුම් තිබේ. 

ඉහත කී ඉන්දික සමරසිංහ හෙවත් ජපන් ඉන්දික නමැත්තා ලංකාවේ දී ජීවත් වන්නේ රාජගිරියේ රෝයල් පාර්ක් සුපිරි නිවාස සංකීර්ණයේ නිවසක ය.  

මෛත්‍රීපාල සිරිසේන සහ ජපන් ඉන්දික සමග මිත්‍රත්වය විශාල විශ්වාසදායී මිත්‍රත්වයක් ලෙස වැඩි දියුණු වන්නේ මෛත්‍රීපාල ජනාධිපතිව සිටියදී තම හොර අඹුවන් සමග පහස විඳීම සඳහා ජපන් ඉන්දිකගේ රෝයල් පාර්ක් නිවස ආරක්ෂාකාරී නිවසක් (Safe House) ලෙස සපයා දීම හේතුවෙනි. සිරිසේනගේ ප්‍රකට හොර අඹුව අනුරාධා ජයවික්‍රම කොපමන වතාවක් මෙම නිවසට ආවාදැයි ජපන් ඉන්දිකගේ නිවසේ නිදන කාමරයේ ඇති සුඛෝපභෝගී ඇඳේ මෙට්ටය සාක්කි කියනු ඇත. ඊට අමතරව ජපන් කාන්තාවන් සැපයීමේ පිංපි වැඩේද ඉන්දික සිදුකර තිබේ. 

හොර වැඩ වලින්ම මිත්‍රත්වය වැඩි දියුණු කර ගන්නා සිරිසේන, ඉන්දික සමරසිංහ හෙවත් ජපන් ඉන්දික නම් පිංපියාට කෝටි ගණනක් වටිනා මහජන දේපොලක් වන විද්‍යුත් සංඛ්‍යාත තම අම්මා අප්පාගේ බූදලේ මෙන් නොමිලේ ලබා දී තිබේ. සිරිසේන බලයෙන් පහවීමෙන් පසු බලයට ආ රාජපක්ෂලා සමග හිතවත් කම් ගොඩ නගා ගත යුතු බැවින් ජපන් ඉන්දික තමන්ට නොමිලේ ලැබුණු විද්‍යුත් සංඛ්‍යාත රාජපක්ෂ පුතුන්ට රුපියල් කෝටි 20 කට අධික මුදලකට විකුණා තිබේ. අද 'සුප්රීම් ටීවී' නමින් හැඳින්වෙන්නේ එයයි.

රනිල් වික්‍රමසිංහ‌ගේ ආණ්ඩුවට එරෙහිව පාර්ලිමේන්තුවට ගෙන ආ පරාජිත විශ්වාසභංග යෝජනාවේ දී ඒ වන විටත් කැබිනට්ටුවේ සිටිමින් ආණ්ඩුවට එරෙහිව ඡන්දය පාවිච්චි කළ මෛත්‍රීගේ ශ්‍රීලනිප ඇමැතිවරු 6 දෙනා කැබිනට්ටුවෙන් ඉවත් කළ යුතු යයි 2018 අප්‍රේල් 6 වෙනිදා සෙසුු එජාප කැබිනට් ඇමැතිවරු මෛත්‍රීපාල සිරිසේන හමු වූ අවස්ථාවේදී කෝපයට පත් වෙමින් වියරුවෙන් මේසයට ගසමින් මෛත්‍රීපාල සිරිසේන කළ ප්‍රකාශය මෙහිදී යළි මතක් කර ගැනීම වැදගත් ය. "මට යන්න සිද්ධ වුනොත් මං යන්නේ සියල්ල ගිනි තියාගෙන" යි එදා මෛත්‍රීපාල පැවසීය. ඔහු කී ආකාරයටම ක්‍රියා නොකෙළේ ද? 

පාස්කු බෝම්බ ප්‍රහාරය වෙනුවෙන් තමන් ඩොලර් මිලියනයක් ගත්තේ නැතැයි සිරිසේන කියන්නේ නම් පරීක්ෂා කළ යුත්තේ ඉන්දික සමරසිංහට ඒ දිනවල දී ඩොලර් මිලියනයක් ලැබුනේ කාගෙන් ද කියා ය. මුදල් ගත්තේ කව්ද යන්නට වඩා හෙට දිනයේ වැදගත් වන්නේ මුදල් ගෙව්වේ කව්ද යන්නයි. 

මහ මොළ කරුවන් කව්දැයි සොයා ගන්නා තුරු රට අනතුරේ..

අප මෙම හෙළිදරව් කිරීම් කරන්නේ බෝම්බ ප්‍රහාරයේ පසුපස සිටි මහ මොළකරුවන් කව්දැයි සත්‍ය සොයා ගත යුතු ඔ්නෑම අයෙකුට ඒ සඳහා කරන උදව්වක් ලෙස ය. මන්ද යත් පසුගියදා පාස්කු බෝම්බ කොමිසම ඉදිරියේ  සාක්කි දුන් එවක ජාතික බුද්ධි අංශයේ ප්‍රධානියා ඒ. එන්. සිසිර මෙන්ඩිස් කළ ප්‍රකාශය අතිශය වැදගත් වන නිසා ය. ඔහු කියා සිටියේ 'පාස්කු බෝම්බ ප්‍රහාරය පිටුපස සිටි මහ මොළ කරුවන් කව්දැයි සොයා ගන්නා තුරු රට අනතුරේ' කියා ය. සත්‍ය වශයෙන්ම අද සෙවිය යුත්තේ සහරාන් නොව පසුපස සිටි මහමොළ කරුවන් ය. මන්ද ඔවුන්ට හෙට දිනයේද එවැනි බිහිසුණු දෙයක් සිදුකිරීම සුළු දෙයක් නිසා ය. 

පාස්කු බෝම්බ ප්‍රහාරයේ මහමොළ කරුවන් සම්බන්ධයෙන් බොහෝ තොරතුරු ලංකා ඊ නිව්ස් අභ්‍යන්තර තොරතුරු සේවය වෙත ලැබී තිබේ. කලෙක සිට අප අපගේ විමර්ශක විද්‍යාර්ථීන් සමග ඒවා විශ්ලේෂණය කරමින් සිටිමු. නිල පරීක්ෂකයන් හරියට රාජකාරිය කරන්නේ නම් ඔවුන් විමර්ශනය කළ යුතු තොරතුරු සහ ජනතාව දැනගත යුතු සත්‍යය ඉදිරියට ද හෙළිදරව් කරමු. 

කාට නැතත් අපගේ දරුවන්ට සාමකාමී රටක් අවශ්‍ය ය.

චන්ද්‍රප්‍රදීප්

ලියුම්කරුගේ පෙර ලිපි එකතුව
https://www.lankaenews.com/category/54

සබැඳි පුවත්
⋆පාස්කු කොමිසම 'අපරාධ විශුද්ධි කරන කොමිසමක්'..! හොරාගේ අම්මාගෙන් පේන ඇසීමක්..! ජාත්‍යන්තර පරීක්ෂණයක් ඕනෑ..!
⋆ඇත්ත කියනු..! පාස්කු ප්‍රහාරය ගැන සොයන කොමිසම පිළිතුරු දිය යුතු අතිශය වැදගත් ප්‍රශ්න 13 ක්..!
⋆“මම යනවනම් යන්නේ සියල්ල ගිනි තියාගෙන“ -පිස්සු ජනාධිපති ගමරාල වියරුවෙන් අගමැතිට කියලා

---------------------------
by     (2020-12-24 04:48:23)

ඔබගේ කාරුණික පරිත්‍යාගයෙන් තොරව ලංකා ඊ නිව්ස් පවත්වාගෙන යා නොහැක.

Leave a Reply

  0 discussion on this news

News Categories

    අතීතයෙන් පාඩමක් - විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ ලිපි

    අධිකරණ

    අප්පු-ආමි ගේ ‌කොළම

    අඹයාගේ ඇඹුල

    ආචාර්ය අමලානන්ද ‌ගේ ලිපි

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවකට මහජන යෝජනා

    ආනන්දගේ පරිවර්තන

    ආනුභාවනන්දගේ ලිපි

    more

Links