~

හල්ඔළුවගේ වාහනයට වෙඩි තැබීමේ නාටකයේ තවත් නළුවෙකු රහසිගත ප්‍රකාශයක් දෙයි..! හල්ඔළුව යළි රිමාන්ඩ්..!

(ලංකා ඊ නිව්ස් -2025.ජුනි.06, ප.ව.8.00) හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ මහජන සම්බන්ධතා අධ්‍යක්ෂ ජෙනරාල් ලෙස කටයුතු කළ තුසිත හල්ඔළුව සිය වාහනයට කිසියම් කණ්ඩායමක් පැමිණ වෙඩි තබා තමා සතුව තිබූ ජනාධිපති අනුර දිසානායක පිළිබඳ තොරතුරු ඇතුලත් ලිපි ගොනුවක් පැහැර ගෙන ගියා යැයි කියමින් නාරාහේන්පිට කිරි මණ්ඩල පාරේ දී රාත්‍රියක රඟ දැක්වූ අසාර්ථක නාටකයේ රඟපෑ තවත් නළුවෙකු අද කොළඹ අතිරේක මහේස්ත්‍රාත් පසන් අමරසේන ඉදිරියේ රහසිගත පාපෝච්ඡාරණයක් ලබා දුන්නේ ය. 

ඒ ප්‍රථමයෙන් අත් අඩංගුවට ගෙන  දැනට රිමාන්ඩ් බන්ධනාගාර ගත කර සිටින නාරාහේන්පිට චිත්‍රාලේන් හි පදිංචි මොහොමඩ් ෆාරිස් (40) නමැති අයයි. මීට පෙර තවත් නළුවෙකු රහසිගත ප්‍රකාශයක් ලබා දී තිබිණ.

නාටකය සම්බන්ධයෙන් පරීක්ෂන පවත්වන කොළඹ අපරාධ කොට්ඨාශය මගින් මේ වන විට සැකකාර නළුවන් සහ නිළියක ඇතුළු 6 දෙනෙකු අත් අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු රිමාන්ඩ් බන්ධනාගාර ගත කර සිටිති. 

ඔවුහු නම්, මොහොමඩ් ෆාරිස්, සමිත බණ්ඩාර, සුරංගි උදේශිකා, රුවන් සුසිත, මොහොමඩ් සස්නි සහ මොහොමඩ් සෆ්රාස් යන අය වෙති.

විමර්ශන අතරතුරේ දී තුසිත හල්ඔළුවගේ ද ඇතුළු සැකකරුවන්ගේ දුරකථන විශ්ලේෂන වාර්තා සහ බැංකු ගිණුම් පිළිබඳව වාර්තා ලබා ගැනීමට අධිකරණ නියෝග ලබාගෙන තිබේ. 

ප්‍රශ්න කිරීම් වල දී හෙළි වී ඇත්තේ ඩුබායි හි සිටින පුද්ගලයෙකුගේ මෙහෙයැවීමෙන් සිද්ධිය සිදුකර ඇති බවයි. ඩුබායි සිටින පුද්ගලයා ඒ වෙනුවෙන් රු. ලක්ෂ 2 ක් ද ගෙවා තිබේ. ඉන්පසුව හෙළිවන කාරණය නම් ඩුබායි හි සිටින පුද්ගලයා තුසිත හල්ඔළුවගේ දිගු කාලීන මිතුරෙකු බවයි.

අද  පාපෝච්ඡාරණයක් ලබා දුන් අයද ඇතුළු සැකකරුවන් ලබන 12 දා දක්වා රිමාන්ඩ් බන්ධනාගාර ගත කිරීමට අධිකරණය නියෝග කෙළේ ය.

මේ අතර තුසිත හල්ඔළුව ලොතරැයි මණ්ඩලයේ ක්‍රියාකාරී අධ්‍යක්ෂව සිට ඉන් ඉවත්ව යද්දී රුපියල් 4,78,307 ක් වටිනා ඇපල් අයි පෑඩයක්, ඇපල් ලැප්ටොප් පරිඝනකයක්, ඊට අදාල චාජර් ඇතුළු රජයේ දේපොල සාවද්‍ය පරිහරනය කරමින් ගෙදර රැගෙන යාමට එරෙහිව පොදු දේපොළ පණත යටතේ දැනට රිමාන්ඩ් බන්ධනාගාර ගත කර සිටින තුසිත හල්ඔළුව අද කොටුව මහේස්ත්‍රාත් නිලුපුලී ලංකාපුර මෙනෙවිය ඉදිරියට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන 13 දක්වා යළි රිමාන්ඩ් බන්ධනාගාර ගත කිරීමට නියෝග කළා ය. 

සබැඳි පුවත්
* නරි නාටක රඟ පෑ හල්ඔළුවගේ දුරකථන සීසීඩීය භාරයට..!

* රටටම බලපාන කිසිදු පදනමක් නැති භයානක අවලාද නැගූ රනිල්ගේ හිටපු අධ්‍යක්ෂ ජෙනරාල්ට බඩු බනිස් වෙන ලකුණු..!

---------------------------
by     (2025-06-06 14:34:27)

ඔබගේ කාරුණික පරිත්‍යාගයෙන් තොරව ලංකා ඊ නිව්ස් පවත්වාගෙන යා නොහැක.

Leave a Reply

  0 discussion on this news

News Categories

    අජිත් ගලප්පත්තිගේ සිනමා විචාර එකතුව

    අතීතයෙන් පාඩමක් - විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ ලිපි

    අධිකරණ

    අප්පු-ආමි ගේ ‌කොළම

    අඹයාගේ ඇඹුල

    ආචාර්ය අමලානන්ද ‌ගේ ලිපි

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවකට මහජන යෝජනා

    ආනන්දගේ පරිවර්තන

    more

Links