~

කට්ටි පනිමින් සිටි රාඩා හොරා ටිරාන් අලස් රිමාන්ඩ්..!

(ලංකා ඊ නිව්ස් -20­­­­16.නොවැ.02, ප.ව‍‍‍‍‍‍‍‍‍.7.35) සුනාමියෙන් විනාශ වූ උතුරු නැගෙනහිර නිවාස හැදීමට රජයෙන් දුන් මුදලින් එකදු නිවසක් හෝ නොහදා එල්ටීටීඊ නායකයන් සමග එක්වී කෝටි 65 ක් පමණ සියළු මුදල් වංචා කළ උතුරු නැගෙනහිර ප්‍රතිසංස්කරණ හා සංවර්ධන ඒජන්සිය හෙවත් රාඩා ආයතනයේ හිටපු සභාපති සහ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ටිරාන් අලස් ඇතුළු සිව් දෙනෙකු නොවැම්බර් 10 වැනි දා දක්වා රිමාන්ඩ් කරන ලෙස කොළඹ මහාධිකරණ විනිසුරු කුසලා සරෝජිනී වීරවර්ධන මහත්මිය අද (2) නියෝග කළාය. 

හොරකම සම්බන්ධයෙන් පරීක්ෂණ සිදුකරද්දී තමා අත් අඩංගුවට නොගන්නැයි මූලික අයිතිවාසිකම් පෙත්සමක් ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කරමින් නීතියේ කණින් රිංගා යෑමට තැත් කරන ලද ටිරාන් අලස් මේ දක්වා මහාධිකරණයේ විභාග වන මෙම නඩුවේ අධි චෝදනා පවා ලබා ගැනීම කල් දමමින් සිටියේ ය. ශ්‍රේෂ්ඨාධිකරණයේ සංගීත පුටු තරඟය නිමා කරමින් පසුගියදා මහාධිකරණයෙන් අධි චෝදනා බාර දීම නිවැරදි යයි පසුගියදා ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කරන ලද අතර ඒ අනුව ටිරාන් අලස්ට අධි චෝදනා බාර දුන්නේ ය.

කට්ටි පනිමින් සිට අද රිමාන්ඩ් හිර ගෙදරට ගිය ටිරාන් අලස්, හොරා කෑ මුදලින් මාධ්‍ය ආයතනයක් ආරම්භ කරමින් මව්බිම නමින් පුවත් පතක් පවත්වාගෙන ගියේ ය. ජනවාරි 8 දක්වා එම පුවත් පත නීච ආකාරයෙන් රාජපක්ෂ චෞරයන් වෙනුවෙන් කඩේ ගියේ අලස්ගේ හොරකම් වසා ගැනීමට බව දැන් පැහැදිලිය. විලි ලැජ්ජාවක් ඇති මාධ්‍යවේදීන් එහි වෙත්නම් දැන් හෝ හොර සල්ලි වලින් වැටුප් නොගෙන ඉවත්ව යා යුතුය.   
 
රාඩා හොරකමට ටිරාන් අලස් සමග අද රිමාන්ඩ් කරන ලද අනෙකුත් පිරිස නම් රාඩා ප්‍රධාන මෙහෙයුම් නිලධාරී සාලිය වික්‍රමසූරිය හා ආචාර්ය ජයන්ත ඩයස් සමරසිංහ දෙදෙනා ය. සාලිය වික්‍රමසූරිය වනාහී මහින්ද රාජපක්ෂගේ කාල්ටන් බංගලාවේ මුල් අයිතිකරුවාය.

නඩුවේ සැකකරුවකු වන එල්ටීටීඊයේ හිටපු සාමාජිකයකු බව කියන එමිල් කාන්තන් රටින් පැන ගොස් ඇති නිසා ඔහු අත්අඩංගුවට ගැනීමට ඉන්ටර්පොල් වරෙන්තු නිකුත් කෙරිණ.

මෙම හොරකම ගැන පරීක්ෂණ සිදුකෙළේ පොලිස් විශේෂ විමර්ශන ඒකකයේ අධ්‍යක්ෂක පොලිස් අධිකාරි මෙවන් ද සිල්වා මහතාගේ අධික්ෂණය යටතේය.

සේයාරුව ලංකාදීපයෙනි

 

සබැඳි පුවත්

මේ ශත වර්ෂයේ සිදුකළ නීචතම හොරකමේ මහ මොළ කාරයා බේරාගන්න රටේ අධිකරණය මහජනතාවට ‘නීති සර්කස්‘ පෙන්වයි

විනි-සොරු 2 ක් ඊයේ පෝදා පන්සලක රහසිගතව ටිරාන් අලස් හමුවී 11 දා තීන්දුව පන්සලේදීම දීලා: අල්ලස මිලියන ගණනක්: බ්‍රෝකර් නීතිඥයෙක් සහ චීවරධාරියෙක්

රාඩා හොරා ටිරාන් අලස් සිංගප්පූරුවෙන් පිටුවහල් කරයි: තහනම් ත්‍රස්ත සංවිධාන සමග කළ හොර ගණු දෙනු, කළු සල්ලි සුදු කිරීම් ගැන පැය 12 ක් ප්‍රශ්න කරලා

---------------------------
by     (2016-11-02 14:33:51)

ඔබගේ කාරුණික පරිත්‍යාගයෙන් තොරව ලංකා ඊ නිව්ස් පවත්වාගෙන යා නොහැක.

Leave a Reply

  2 discussion on this news

boruwata eka dawasak remand korala, e laga dawase boru saraneru apayak deela eliyata daanawa usaavith me koti prakoti horu. remand ekatath yanawa balanda hitapu horu rela , nayakaya MaRa, uge puththu. mewwath nawaththanda o,ne. naduwak usaviye thiyeddi, remand ekata gihin talks denawa eliyata awith. mewwa boru nadu arakada mekada. hitapu janadipathiya unath kudalala kooduwata danda o,ne usaaviye yana nadu gena boru pampori gahala, athalossak wana gon bijjange veerayek wenda thawath dagalanawata. me wage horu, naduwa ahala iwarawenakan remand eke thiyandai o,ne. boruwata eka dawasak daanawa ithin hire. Indictment baradunnanam, naduwa vibageta thiyala, thinduwa denakal ay bari remand eke thiyanda. boru sobana, Kusala E laga dawase onna, lakseka bail ekkata munwa eliyata daai.
-- by Keriya on 2016-11-02

mr. saliya is an innocent person. We are really sorry about him. Only thing is sri lanka is not able to get his knowledge to develop our country. .
-- by ratnapriya on 2016-11-02

News Categories

    අජිත් ගලප්පත්තිගේ සිනමා විචාර එකතුව

    අතීතයෙන් පාඩමක් - විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ ලිපි

    අධිකරණ

    අප්පු-ආමි ගේ ‌කොළම

    අඹයාගේ ඇඹුල

    ආචාර්ය අමලානන්ද ‌ගේ ලිපි

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවකට මහජන යෝජනා

    ආනන්දගේ පරිවර්තන

    more

Links