~

රට අනතුරේ...! ආරක්ෂක ලේකම් ජනාධිපතිගේ ඇස් වසා ජනාධිපති නියෝග සම්පූර්ණයෙන්ම නොපිට හරවලා

(ලංකා ඊ නිව්ස් -20­­­­16.ජූලි.29, පෙ.ව‍‍‍‍‍‍.7.00) ආරක්ෂක ලේකම් කරුණාසේන හෙට්ටිආරච්චි, සේනාධිනායක ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ නියෝග සම්පූර්ණයෙන්ම නොපිට හරවා ක්‍රියා කර ඇති බරපතල සිද්ධියක් ලංකා ඊ නිව්ස් වෙත වාර්තා වේ. 

මෙවැනි සිදුවීමක් රටකින් වාර්තා වන්නේ ඉතාමත් අහම්බෙන් වන අතර එවැන්නක් රටක් අනතුරේ හෙලන ඉතාමත් බියකරු තත්ත්වයක් බවද අවධාරණය කළ යුතුය.

සිද්ධිය නම් ලංකා ඊ නිව්ස් මීට පෙර වාර්තා කර ඇති නාවුක හමුදාවේ කරන්නාගොඩ යුගයේ ඝාතන සහ දූෂන හෙලිකළ කොමදෝරු කේ.සී. වෙලගෙදර සම්බන්ධවය. වෙලගෙදරගේ කට වැසීම පිණිස ඔහුට එරෙහිව නාවුක හමුදා අධිකරණයකින් අසාධාරණ ලෙස දඬුවමක් දුන් බවත් ඔහු ඊට එරෙහිව සේනාධිනායක ජනාධිපතිතුමන් වෙත අභියාචනයක් ඉදිරිපත් කළ බවත් ආරක්ෂක ලේකම්වරයා හරහා ඉදිරිපත් කළ යුතු එම අභියාචනයද දින ගණනක් ජනාධිපතිට නොයවා වසන් කරන ලද බවත් ලංකා ඊ නිව්ස් විසින් මීට පෙර වාර්තා කරන ලදී.

ආරක්ෂක අමාත්‍යාංශයේ අතිරේක ලේකම්වරයෙක් වන සිරිපාල හෙට්ටිආරච්චි නමැත්තා එම අභියාචනය ජනාධිපතිට නොයවා වසන් කරන බව පසුගිය ජුලි 14 වෙනිදා ලංකා ඊ නිව්ස් විසින් හෙලි කිරීමෙන් පසු අවසානයේ දින 24 කට පසුව අදාල ලිපිගොනුව ජනාධිපතිවරයා වෙත යැව්වේය. 

ඉන්පසුව පසුගියදා පැවැති කැබිනට් රැස්වීමකින් පසුව ජනාධිපති වරයා වෙලගෙදරට දී ඇති නාවුක හමුදා අධිකරණ දඬුවම තමා විසින් ප්‍රතික්ෂේප කරන බව නාවුක හමුදාපතිවරයාට දැනුම් දෙන්නැයි ආරක්ෂක ලේකම් කරුණාසේන හෙට්ටිආරච්චිට නියෝග කරන ලදී. ජනාධිපතිවරයා එසේ ආරක්ෂක ලේකම්ට නියෝග කළ බවට එහි සිටි  ඇමැතිවරුන්ද සාක්කි දරති. 

ඉන් පසුව කරුණාසේන හෙට්ටිආරච්චි කුමන්ත්‍රණකාරීව සිදුකර ඇත්තේ එහි කණපිටය. එනම් වෙලගෙදරට නාවුක හමුදා අධිකරණය දුන් දඬුවම ජනාධිපතිවරයා විසින් අනුමත කළා යැයි නාවුක හමුදාපතිවරයාටත් නාවුක හමුදා නීති අංශයටත් ලිඛිතව දන්වා යවා ඇත. 

ජනාධිපති නියෝගයක් සම්පූර්ණයෙන්ම වෙනස් කරන ලද මෙම බරපතල කුමන්ත්‍රණයට ආරක්ෂක ලේකම් කරුණාසේන හෙට්ටිආරච්චි ද අතිරේක ලේකම් සිරිපාල හෙට්ටිආරච්චි ද නාවුක හමුදාපති රියර් අද්මිරාල් රවි විජේගුණරත්නද ඍජුවම සම්බන්ධ බව ලංකා ඊ නිව්ස් වෙත වාර්තා වේ.

මෙකී කුමන්ත්‍රණකරුවන් මෙලෙස කටයුතු කරන්නේ අන් කිසිවක් නිසා නොව පසුගිය වනචර දශකයේ දී ඕස්ට්‍රේලියාවට බෝට්ටු මගින් සරණාගතයන් ලෙස මිනිසුන් පැටවීමේ ජාවාරමට සම්බන්ධ වූවන් බේරා ගැනීමට ය. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් කරගෙන යන පරීක්ෂණයකට වෙලගෙදර මහතා සාක්කි දීමට පැමිණීය යුතු අතර නාවුක හමුදාව විසින් ඔහුගේ සාක්කි දීම වලකමින් සිටී. ඒ අන් කිසිවක් නිසා නොව එම ජාවාරමට වත්මන් නාවුක හමුදාපතිවරයාද පෙර සිටි නාවුක හමුදාපතිවරයාද ඍජුවම සම්බන්ධ නිසා ය. 

එසේ තිබියදී දූෂිතයන් බේරා ගැනීමට ජනාධිපති නියෝග පවා වෙනස් කරමින් බරපතල ලෙස රටේ විශ්වාසය පලුදු කර ඇති ආරක්ෂක ලේකම් කරුණාසේන හෙට්ටිආරච්චිද එම ලිපි ගොනුව බාරව සිටි අතිරේක ලේකම් සිරිපාල හෙට්ටිආරච්චි ද වහාම තනතුරු වලින් ඉවත් කළ යුතුය.

මෙය බරපතල අනතුරක් බවට හඳුනා නොගන්නේ නම් මීට වඩා දරුණු දෙයක් මොවුන් අනාගතයේදී සිදුකරනු නිසැකය. 

සබැඳි පුවත්
1) යහපාලන ආණ්ඩුව නාවුක හමුදාවේ සහ ආරක්ෂක අමාත්‍යාංශයේ රාජපක්ෂ අවතාර වලට මෙපමණ බයද? ඝාතන දූෂණ හෙලිකරන ලුතිනන් කොමදෝරු වෙලගෙදර යලි අනතුරේ

2) 50 වතාවක් හමුදා විනය කැඩූ යෝෂිත නිදැල්ලේ තබා එක් වතාවක් විනය කැඩූ යහපාලනවාදියාට දඬුවම් දීම ගැන හේතු කියන්න ආ නාවික හමුදා ප්‍රකාශක ඇනගනී : සුජීව සේනසිංහ ගොබ්බකම ප්‍රදර්ශනය කරයි (Video)

3) ආරක්ෂක ලේකම් යහපාලනය කණපිට ගස්සන බව යලි සනාථ කරයි: 29 වතාවක් රට ගිය යෝෂිත නිරුපද්‍රිතව සිටියදී එක් වතාවක් රට ගිය රජයේ සාක්කිකරුවාට මහින්දගේ නීතිඥයා ලවා දඬුවම් දෙයි

4) පුදුමයි ඒත් ඇත්තයි..! රාජපක්ෂලාගේ බයියෝ සේනාධිනායකයාට කොකා පෙන්වති..!! රාජපක්ෂගේ බයියෙක් නාවික හමුදාවේ නඩුත් අසා යහපාලනවාදීන් හිරේ දමන්නත් යයි

---------------------------
by     (2016-07-29 01:48:48)

ඔබගේ කාරුණික පරිත්‍යාගයෙන් තොරව ලංකා ඊ නිව්ස් පවත්වාගෙන යා නොහැක.

Leave a Reply

  0 discussion on this news

News Categories

    අතීතයෙන් පාඩමක් - විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ ලිපි

    අධිකරණ

    අප්පු-ආමි ගේ ‌කොළම

    අඹයාගේ ඇඹුල

    ආචාර්ය අමලානන්ද ‌ගේ ලිපි

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවකට මහජන යෝජනා

    ආනන්දගේ පරිවර්තන

    ආනුභාවනන්දගේ ලිපි

    more

Links