~

විජයදාස රාජපක්ෂ කැබිනට් මණ්ඩලයත් නොමග යවයි: සමාජ ජාලා පාලනයට පණතක් ගේන බව කියයි: ඇමැතිවරුන්ගේ දැඩි විරෝධය

(ලංකා ඊ නිව්ස් -20­­­­16.නොවැ.23, පෙ.ව‍‍‍‍‍‍.11.50) ‘ඩීල්දාස‘ නමින් කුප්‍රකට අධිකරණ ඇමැති විජයදාස රාජපක්ෂ අසත්‍ය ප්‍රකාශ කරමින් පසුගිය සිකුරාදා පාර්ලිමේන්තුව නොමග යැවූ අන්දමින් ඊයේ කැබිනට් මණ්ඩලයටද අසත්‍ය ප්‍රකාශ දෙසා බා නොමග යවා ඇතැයි ලංකා ඊ නිව්ස් වෙත වාර්තා වේ.

ලංකා ඊ නිව්ස් සහ එහි කතුවරයා වෙත සිකුරාදා පාර්ලිමේන්තුවේ කරන ලද ද්වේශ සහගත ප්‍රකාශය සම්බන්ධයෙන් කැබිනට් මණ්ඩලයේදී ඔහුට බහුතර පිරිසක් විරෝධය දක්වද්දී ඔහු පවසා ඇත්තේ ඔහුගේ ප්‍රකාශයෙන් පසු ලංකා ඊ නිව්ස් අධිකරණයට අපහාස කර ඇති ප්‍රවෘත්ති සියල්ල වෙබ් අඩවියෙන් ගලවා ඇති බවයි. 

මෙය සම්පූර්ණයෙන් අසත්‍යයකි. ලංකා ඊ නිව්ස් අධිකරණයට අපහාස වන පුවත් පළ කර නොමැති අතර තක්කඩි විනි-සොරුන් විවේචනය කළ කිසිදු පුවතක් ගලවා ඉවත් කෙළේද නැත. කුමන හේතුවක් මත හෝ ප්‍රසිද්ධ කරන ලද  ප්‍රවෘත්ති ගැලවීම ලංකා ඊ නිව්ස් ප්‍රතිපත්තිය ද නොවේ. සියළු පුවත් ලංකා ඊ නිව්ස් පුවත් සංරක්ෂණාගාරයේ News Archive හි තිබේ.

මාස කිහිපයක් තුල අධිකරණයට අපහාස කරන ලද ප්‍රවෘත්ති 70 ගණනක් ලංකා ඊ නිව්ස් විසින් පළ කර ඇතැයි විජයදාස විසින් පාර්ලිමේන්තුව නොමග යවමින් කරන ලද ප්‍රකාශයට අභියෝග කරමින් ලංකා ඊ නිව්ස් කියා සිටියේ ඔහු කියන එම පුවත් 70  ගණන පෙන්වන ලෙසයි. ඊට පිළිතුරු දී ගත නොහැකි විජයදාස ඉහත කී බොරුව කියා කැබිනට් මණ්ඩලය නොමග යවා ඇත.

වෙබ් අඩවි වලින් පුවත් ඉවත් කළද ලෝකයේ සියළුම වෙබ් අඩවි වල දත්ත ඉබේම සංරක්ෂනය කෙරෙන දැවැන්ත සංරක්ෂණාගාර දැන් ලෝකයේ පිහිටුවා තිබේ. අවශ්‍ය නම් ඒවායෙන් පැරණි දත්ත ලබා ගත හැකිය. අනෙක් අතට ජනාධිපති නීතිඥයෙකුද වන විජයදාස පුවත් 70 ගණනක් තිබේ යයි කීමට පෙර  ඒවායේ මුද්‍රිත පිටපත් ලබාගෙන තිබිය යුතුය. එසේ නොකෙළේ නම් ඔහු බොරුකාරයෙකුටත් අන්ත ගොබ්බයෙකි.

කෙසේ වෙතත් ලංකා ඊ නිව්ස් විජයදාසට අභියෝග කර දැන් පැය 24 කට අධික කාලයක් ගත වී ඇතත් ඔහු විසින් පිළිතුරු දී නැත.  

විජයදාසගෙන් සමාජ ජාලා පාලනයට පණතක් - ඇමැතිවරු විරුද්ධ වෙති

මේ අතර විජයදාස අධිකරණ ඇමැතිවරයා ඊයේ කැබිනට් මණ්ඩලයට පවසා ඇත්තේ සමාජ මාධ්‍ය ජාලා පාලනය කිරීම සඳහා තමන් විසින් අලුතින් පණතක් කෙටුම්පත් කරමින් සිටින බවයි. ආණ්ඩුවට එරෙහිවත් ජාතිවාදය ආගම්වාදය පැතිරවිමටත් සමාජ ජාලා භාවිතා කරන බව පාලනය සාධාරණීකරණය කිරීම සඳහා විජයදාස පවසා ඇත. ජනාධිපතිවරයාද ඊට හිස වනමින් එකඟතාවය පළ කරද්දී ඇමැතිවරු බහුතරයක් ඊට විරෝධය දක්වා තිබේ. ඉන් ප්‍රධාන වී ඇත්තේ විදේශ ඇමැති මංගල සමරවීර මහතාගේ විරෝධයයි.

සමරවීර ඇමැතිවරයා පවසා ඇත්තේ සමාජ මාධ්‍ය ජාලා සහ වෙබ් අඩවි පාලනය කිරීමට නීති ගෙන ඒම විහිළුවක් බවයි. ආණ්ඩුවට විරුද්ධව යමෙක් හූ කියන්නේ නම් ඊට වඩා හයියෙන් හූ කීමට ආණ්ඩුව දැන ගත යුතු බව පවසා ඇති මංගල සමරවීර ඇමැතිවරයා ජනමාධ්‍ය කෙතරම් දෑ කීවද මහජනතාව ඒවා ඒ ආකාරයෙන්ම පිළිගන්නේ නැති බව පවසා තිබේ. ලංකාවේ පසුගිය ජනාධිපතිවරණයේදී සියළු මාධ්‍ය අයිතිය තිබූ මහින්ද රාජපක්ෂ පරාජය වීමත් ඇමරිකාවේ පසුගිය ජනාධිපතිවරණයේදී සමාජ මාධ්‍යයද ඇතුළු ජනමාධ්‍ය සහාය ඉහලින්ම තිබූ හිලරි ක්ලින්ටන් පරාජය වීමත් මංගල සමරවීර මේ සඳහා උදාහරණ ලෙස ගෙන තිබේ.

මේ අතර ඊයේ කැබිනට් මණ්ඩලයේදී විජයදාස රාජපක්ෂ තවත් කොන් වීමකට ලක් විය. ඒ ISIS 22 ක්  ගැන කියන ලද අසත්‍ය ප්‍රකාශය නිසාය. වසර 3 කට පෙර හුදකලා සිද්ධියක් අද සිදුවූවා සේ කරන ලද ප්‍රකාශයට ඉහලින්ම විරෝධය දක්වා තිබුනේ මුස්ලිම් නායකයන් වන ඇමැතිවරුන්ය. රාවුෆ් හකීම්, කබීර් හෂීම්, ෆයිසර් මුස්තාපා, රිෂාඩ් බදුර්දීන් ආදීන් විජයදාසට දැඩි විරෝධය දක්වා ඇති අතර එවැනි ISIS තර්ජනයක් දැනට ලංකාවේ නැතැයි පවසා ඇත. ඔහුගේ එම අසත්‍ය ප්‍රකාශය නිසා රාජපක්ෂලා මෙහෙයවන ජාතිවාදීන්ට තල්ලුවක් ලැබුණු බවද ඔවුන් පවසා තිබේ. ජනාධිපතිවරයාද මුස්ලිම් ඇමැතිවරුන් විජයදාසට එල්ල කළ විරෝධය පිළිගෙන ඇත.  

සබැඳි පුවත් 

අවලාද එපා..! චෝදනා ඔප්පු කරන්න..! කළොත් ලංකා ඊ නිව්ස් අයිතිය විජයදාසටම දෙනවා..! අධිකරණ අමැතිගේ අවලාද වලට ලංකා ඊ නිව්ස් පිළිතුර 

විජයදාස රාජපක්ෂ කළ ආණ්ඩුවේ කකුලෙන් අදින ප්‍රකාශ ගැන ජනාධිපති විමසයි: කතානායක ප්‍රතික්ෂේප කරයි

ජාත්‍යන්තරය කුමක් කීවත් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යලි ගේනවා: ලංකා ඊ නිව්ස් ජාතික අනතුරක්: කර්තෘ සඳරුවන් පුලන්නෙක්: ජාත්‍යන්තර වරෙන්තුවක් ගෙන ලංකාවට ගෙන්වා නඩු අහනවා -විජයදාස රාජපක්ෂ බුරා පනී (Video)

---------------------------
by     (2016-11-23 08:33:44)

ඔබගේ කාරුණික පරිත්‍යාගයෙන් තොරව ලංකා ඊ නිව්ස් පවත්වාගෙන යා නොහැක.

Leave a Reply

  6 discussion on this news

Janaadhipathithumani,AAnduva apahaasayata pathkarana mevani aya amathipadavi valin ivathkota niyama sudussan pathkara ganeemata mee langa amathi sansodhanayedeevath piyavara ganna.
-- by nareen on 2016-11-23

Len expose the black coat rouge who deal with Rajapakshas covertly and try to appear in public like a saint.
-- by lion on 2016-11-23

Mr President and Mr Prime Minister have had more than enough reasons to sack this low-level parasite from their cabinet. The only conclusion one can draw FROM THIER INACTION is that 'DEAL DASA MAY HAVE MADE A DEAL WITH THE PRESIDENT AND THE PRIME MINISTER TOO! WE ARE FOOLING OURSELVES AS A YAHAPALANAYA LOVING NATION :)
-- by country puthra on 2016-11-23

mea kiyana wijedasa chandrikagee manthee welaa inna kaalea rupahahiniyata wirudhdha civil nadu saha CTB eka puthgalika samaagam karanawaata wirudhdha nadu walata suprem court saha other courts wala CTB saha TV wenuwen appear wela aanduwen legal fees charged kieema legal wennea kohomadha kiyalaa hoyalaa balannea naththea mokadha?
-- by sam peter on 2016-11-24

me wage hora wesige puthek amethikamakuth deela mona magulakata thawath thiyagana innawada therenne naa janathaawata. yako ape chande ganne mehema hemanena thirana ganda ida denda da wal wesige ponna gon bijjanta? warewko , chnade illanda aaye. janadipathith mY3... ithin thawath me wal booru horaa kiyana dewal walata OLUWA HOLLA HOLLA OHOMA..yamu hitang.. ආණ්ඩුවට එරෙහිවත් ජාතිවාදය ආගම්වාදය පැතිරවිමටත් සමාජ ජාලා භාවිතා කරන බව පාලනය සාධාරණීකරණය කිරීම සඳහා විජයදාස පවසා ඇත. ජනාධිපතිවරයාද ඊට හිස වනමින් එකඟතාවය පළ කරද්දී ඇමැතිවරු බහුතරයක් ඊට විරෝධය දක්වා තිබේ. ඉන් ප්‍රධාන වී ඇත්තේ විදේශ ඇමැති මංගල සමරවීර මහතාගේ විරෝධයයි.
-- by Janathawa on 2016-11-24

මේ කියන විජේදස චන්ද්‍රිකාගේ මන්ත්‍රී වෙලා ඉන්න කාලේ රුපාවහිනියට විරුද්ධ සිවිල් නඩු සහ ලන්ගම පුද්ගලික සමාගම් කරනවාට විරුද්ධ නඩු වලට සුප්‍රීම් උසාවියේ සහ අනිත් උසාවිවල වලදී ලන්ගම සහ රුපවාහිනිය වෙනුවෙන් පෙනී සිට ආන්ඩුවෙන් නීති ගාස්තු අයකිරීම හරි වෙන්නේ කොහොමද කියලා හොයලා බලන්නේ නෑත්තේ මොකද? ඒකම ඈති මන්ත්‍රී කමට නුසුදුසු වෙන්න. මොකද මන්ත්‍රීට බෑහෑ ආන්ඩුව සමග වයාපර කරන්න.
-- by sam peter on 2016-11-24

News Categories

    අතීතයෙන් පාඩමක් - විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ ලිපි

    අධිකරණ

    අප්පු-ආමි ගේ ‌කොළම

    අඹයාගේ ඇඹුල

    ආචාර්ය අමලානන්ද ‌ගේ ලිපි

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවකට මහජන යෝජනා

    ආනන්දගේ පරිවර්තන

    ආනුභාවනන්දගේ ලිපි

    more

Links