~

සිංහල පත්තරයක ඔතා චාවාකච්චේරියෙන් හමුවූ මරාගෙන මැරෙන බෝම්බ ඇඳුම සහ පුපුරණ ද්‍රව්‍ය ගැන පරීක්ෂණ වහාම නතර කරන්න..! නාවික හමුදා ඝාතන ගැනත් පරීක්ෂණ නතර කරන්න..!! ජනාධිපතිගෙන් නියෝග

(ලංකා ඊ නිව්ස් -2017.පෙබ.12, පෙ.ව‍.8.40) පසුගිය වසරේ මාර්තු 30 වෙනිදා චාවාකච්චේරියේ වල්ලාකුලම්හි පිල්ලෙයාර් කෝවිල් මාර්ගයේ නිවසක තිබී හසුවූ සිංහල පුවත් පතක ඔතන ලද මරාගෙන මැරෙන බෝම්බ ඇඳුමත් ක්ලේමෝ බෝම්බ 4 ත්, සී4 අධිබලැති පුපුරණ ද්‍රව්‍ය අඩංගු පාර්සල් 3 ත් පිළිබඳ යුද හමුදා බුද්ධි අංශයේ ඍජු සම්බන්ධයක් තිබෙන බව හෙළි වනවාත් සමග ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් වහාම ක්‍රියාත්මක වන පරිදි එකී පරීක්ෂණ අත් හිටුවීමට නියෝග කර ඇතැයි ලංකා ඊ නිව්ස් අභ්‍යන්තර තොරතුරු සේවය වෙත වාර්තා වේ.

එදා මෙම සැක කටයුතු බෝම්බ ඇඳුම සහ පුපුරන ද්‍රව්‍ය පොලිසියට හමුවී විනාඩි 5 ක් ගතවන්නටත් පෙර නාමල් රාජපක්ෂ ඒ සම්බන්ධයෙන් ට්විටර් පණිවුඩයක් තබා තිබිණ. 

ඇඳුම සහ පුපුරන ද්‍රව්‍ය කොළඹ වැල්ලවත්තට ප්‍රදේශයට එවීමට සුදානම් කරන ලද ඒවා බවත් රජය මෙහි ප්‍රමාණය අඩු කොට ප්‍රකාශ කරන බවත් බෝම්බ ඇඳුම සහ පුපුරන ද්‍රව්‍ය හමුවෙනවාත් සමග එය මාධ්‍ය වල ප්‍රචාරය වෙන්නත් පෙර මාධ්‍ය සාකච්ඡාවක් කැඳවමින් ජී.ඇල්.පීරිස් ප්‍රකාශ කළේය. රහස් පොලිසිය විසින් පීරිස්ගෙන් ඒ ගැන ප්‍රශ්න කළ විට ඔහු කීවේ තමාට එලෙස කියන්නට කීවේ දිනේෂ් ගුණවර්ධන බවයි. 

කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වූයේ පොලිසියේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (සීඅයිඩී) සහ පොලිස් ත‍්‍රස්ත විමර්ශන ඒකකය (ටීඅයිඩී) විසින් ඒකාබද්ධව ය. 

ඔවුන්ගේ පරීක්ෂණ වලදී මෙම මරාගෙන මැරෙන බෝම්බ ඇඳුමේ සහ පුපුරණ ද්‍රව්‍ය වල මහ මොළ කරුවා ප්‍රංශයේ වෙසෙන හිටපු එල්ටීටීඊ සාමාජිකයෙකු බව හෙළි විය. පසුව ඔහු ගැන සොයා බැලීමේදී හෙළි වූයේ ඔහු අන් කවරෙක් හෝ නොව යුද හමුදා බුද්ධි අංශය විසින් ප්‍රංශයේ ස්ථානගත කරන ලද ඔත්තු කරුවෙකු බවයි. ඔහුට ගෙවීම් කරනු ලබන්නේ ද යුද හමුදාවේ රහස්‍ය අරමුදලෙනි. මෙම මරාගෙන මැරෙන ඇඳුම සහ පුපුරණ ද්‍රව්‍ය තොගය ඉහත කී නිවෙසේ තබා ගන්නවාට එකී නිවෙස් හිමියාට මසකට රුපියල් ලක්ෂ 2 බැගින් ජනවාරි මාසයේ සිටම ගෙවා ඇති බවද එම ගෙවූ මුදල් ගෙවා ඇත්තේ යුද හමුදාවේ රහස්‍ය ගිණුමෙන් බවද හෙළි වී තිබේ. 

නියෝජ්‍ය පොලිස්පති නාලක සිල්වා විසින් ජනාධිපතිවරයාට මේ බව වාර්තා කිරීමෙන් පසුව ජනාධිපතිවරයා සීඅයිඩියට සහ ටීඅයිඩියට නියෝග කර ඇත්තේ ඉහත කී මරාගෙන මැරෙන බෝම්බ ඇඳුම සහ පුපුරණ ද්‍රව්‍ය ගැන සොයන පරීක්ෂණ වහාම නවතා දමන ලෙසයි.

යුද හමුදා බුද්ධි අංශයේ රාජපක්ෂලාට සම්බන්ධ කුමන්ත්‍රණ කරුවන් අනන්තවත් සිටියදී මෙම සිද්ධියෙන් ඒ ගැන හෙළිවීමට යද්දී ජනාධිපතිවරයා විසින් එකී පරීක්ෂණ නතර කිරීමට නියෝග කිරීම වනාහී ‘පට්ට පල් ගොං කමක්‘ බව ආරක්ෂක විශ්ලේෂකයන්ගේ මතය යි.

ජනාධිපති නාවික හමුදා ඝාතකයන්වත් බේරයි

මේ අතර පසුගිය පෙබරවාරි 07 වෙනිදා සීඅයිඩියේද, නාවික හමුදාපති රවීන්ද්‍ර විජේගුණරත්නද පොලිස්පතිවරයාද, සාගල රත්නායක ඇමැතිවරයාද සිටි සාකච්ඡාවකදී අපරාධ වලට සම්බන්ධ නාවික හමුදා නිලධාරීන් පිලිබඳ පරීක්ෂන නතර කරන්නැයි ජනාධිපතිවරයා විසින් යලිත් වරක් නියෝග කර තිබේ. (මීට පෙරද නාවික හමුදාපතිට සහ හිටපු නාවික හමුදාපතිට ජනාධිපතිවරයා විසින් එවැනි පොරොන්දුවක් දුන් බව ලංකා ඊ නිව්ස් වාර්තා කළේය. කියවන්න “ජනපති මෛත්‍රී ‘සයනයිඩ් පාරේ‘ ඉදිරියට..! අධිකරණ නියෝග නොතකා නාවික හමුදාවේ සුදු වෑන් ඝාතකයන් බේරා ගැනීමට පෙරට“)

මෙහිදී සීඅයිඩිය විසින් ජනාධිපතිවරයාට පවසා ඇත්තේ නාවික හමුදා කණ්ඩායමක් විසින් පාසැල් සිසුන් පැහැරගෙන ගොස් කප්පම් ලබා ගෙන ඝාතනය කිරීමේ සිද්ධිය පිලිබඳ පරීක්ෂණ නතර කළ නොහැකි බවයි. මන්ද යත් ඒ සම්බන්ධයෙන් විශාල ජාත්‍යන්තර ප්‍රචාරයක් පවතින බැවින් එවැන්නක් නතර කළහොත් විශාල අපවාදයක් ආණ්ඩුවට එල්ල වන බව පවසා තිබේ. එවිට ජනාධිපතිවරයා පවසා ඇත්තේ ලමුන් අතුරුදහන් කිරීම හැර නාවික හමුදා කප්පම් ඝාතකයන් කළ අනෙක් සියලු අපරාධ පිලිබඳ පරීක්ෂණ වහාම අත්හිටුවන ලෙසයි.

ජනාධිපති නතර කරන්නැයි කියන එක් ඝාතනයක් මෙසේය

ජනාධිපතිවරයා වහාම නතර කර දමන්නැයි කියන එක් අපරාධයක් වන්නේ ලෝගනාදන් සහ පරමනාදන් නමැති දෙදෙනෙකු පැහැරගෙන ගොස් ඝාතනය කිරීමේ තිරශ්චීන අපරාධයකි. ඒ සම්බන්ධයෙන් මේ වන විට අධිකරණයට කරුණු වාර්තා කර ඇති අතර අපරාධකරුවන් අත් අඩංගුවට ගන්නැයි කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ජෙයරාම් ට්‍රොස්කි මහතාගේ නියෝගයක්ද පවතී. එකී අධිකරණ නියෝගය අනුව නාවික හමුදාවේ ‘දයානන්ද‘ සහ ‘ගුරුගේ‘ නමැති නිලධාරීන් දෙදෙනෙකු අත් අඩංගුවට ගැනීමට යද්දී ජනාධිපතිවරයා විසින් මෙලෙස එය වළකා තිබේ.

ලෝගනාදන් සහ පරමනාදන් ඝාතනය පාසැල් සිසුන් ඝාතනය සෙවීමේදී හමුවූ තවත් ද්විත්ව ඝාතනයකි. කප්පම් සඳහා මේ සියළු ඝාතන මෙහෙයවා තිබුනේ හිටපු නාවික හමුදාපති කරන්නාගොඩ ගේ බඩියා වූ සම්පත් මුණසිංහ හෙවත් නේවි සම්පත් ය. ඝාතනය කළ අයගේ හැඳුනුම්පත් රාශියක් ඔහු ලඟ තිබී හසුවිණ. ඉහත කී ලෝගනාදන් සහ පරමනාදන්ගේ හැඳුනුම්පත් දෙකද ඒ අතර විය. රහස් පරීක්ෂකයන් එකී ලිපිනයන් වෙත ගිය විට දැන ගන්නට ලැබුනේ එක් අයෙකු සතුව වෑන් රියක් තිබී ඇති බවත් අනෙකා එම වෑන් රියේ රියැදුරු බවත් මෙම වෑන් රිය කටුනායක ගුවන් තොටුපොලේ කුලී රථ සේවයට යොදා තිබූ බවත්ය. දෙදෙනාවම පැහැර ගෙන තිබුනේ එකම දිනයක වන අතර වෑන් රියද පැහැරගෙන ගොස් තිබූ බවත් දැන් එම වෑන් රිය වැලිසර නාවික හමුදා කඳවුරේ භාවිතයට යොදා ගෙන තිබෙන බවද ලෝගනාදන්ගේ සහ පරමනාදන්ගේ ඥාතීහු රහස් පොලිසියට කරුණු හෙලි කළහ. ඒ අනුව වැලිසර නාවික හමුදා කඳවුරෙන් මෙම වෑන් රිය ගැන සොයද්දී වැලිසර කඳවුරේ බලධාරීන් කර තිබුනේ වෑන් රිය කැබලි කිරීමයි. එම කැබලි රහස් පොලිසිය බාරයට ගැණින. වෑන් රිය කැබලි කිරීමට නිදහසට කාරණා ලෙස නාවික හමුදාව කියා සිටියේ වෑන් රියේ බෝම්බ සවිකර තිබෙන බවට තොරතුරක් ලැබී තිබුණු බැවින් වෑන් රිය කඳවුරට ගෙනැවිත් කැබලි කර බෝම්බය සෙවූ බවයි. රහස් පොලිසිය ගත් කටටම අසා තිබුනේ බෝම්බ සවිකළ වෑන් රියක් නම් එය හමුදා කඳවුරක් තුලට ගෙනැවිත් කෑලි ගලවන මෝඩයා කව්ද? කියා ය.

අපරාධකරුවන්ගේ ගැලවුම්කරුවා නිසා ජීඑස්පී ප්ලස් අහිමි වෙන ලකුණු

කෙසේ වෙතත් ජනවාරි 8 වෙනිදාට පෙර රාජපක්ෂ රෙජීම යුගයේ සිදුකරන ලද අතිශය අමානුෂික අපරාධ සම්බන්ධයෙන් සොයා අපරාධකරුවන් නීතියේ රැහැනට හසුකරනවා යැයි දස අතේ පොරොන්දු වූ ජනාධිපතිවරයා දැන් අපරාධකරුවන්ගේ ගැලවුම් කරුවා වී තිබේ.

ලසන්ත ඝාතකයන් සහ එක්නැලිගොඩ ඝාතකයන් ඇප මත මුදා හැරියේ ජනාධිපතිවරයා නිසා ය. එපමණක් නොව ඇප මත මුදා හරින ලද එකී යුද හමුදා අපරාධකරුවන් නඩුවෙන් නිදහස් කර නොතිබියදී නීති විරෝධී අන්දමින් යලි සේවයේද පිහිටුවන ලදී.

ජනාධිපතිවරයා හමුදා ලොක්කන්ට සිය පුහු දේශප්‍රේමය ප්‍රදර්ශනය කිරීම පිණිස මෙවන් අවනීතිය රජකරවන ක්‍රියා කරන්නේ වී නමුත් එහි අනිටු ප්‍රතිඵල අනෙක් අතට රටට ලැබී තිබේ.

එනම් බ්‍රිතාන්‍යය පාදක කරගෙන පිහිටුවා තිබෙන ‘ශ්‍රී ලංකාවේ සාමය සහ නීතිය සඳහා ව්‍යාපාරය‘ නමැති ජාත්‍යන්තර සංවිධානය (මෙම සංවිධානයට ශ්‍රී ලාංකිකයන් කිසිවෙක් සම්බන්ධ නැත) විසින් ඊයේ(11) නිවේදනයක් නිකුත් කරමින් පවසා ඇත්තේ පසුගිය ජිනීවා හිදී ශ්‍රී ලංකාවේ කල්පවත්නා සාමය සහ සංහිඳියාව වෙනුවෙන් රජය වූ පොරොන්දු මග හරිමින් සිටින බවයි. මෙම තත්ත්වය ජීඑස්පී ප්ලස් සහනය ස්ථිර ලෙස ලබා ගැනීමට බලපානු ඇතැයිද ඔවුන් අනතුරු අඟවා තිබේ. මන්ද යත් ජීඑස්පී ප්ලස් සහනය ලැබුනා ලැබුනා යයි ලංකාවේ පිරිස් ප්‍රචාරය කළද එය මාස 4 ක් යනතුරු තිබෙන්නේ පරිවාස කාලයක බැවිනි. එකී පරිවාස කාලයේදී ලංකාව කොතෙක් දුරට තමන් ජාත්‍යන්තරයට දුන් පොරොන්දු ඉටු කරනවාද යන්න සලකා බලනු ලැබේ.

(ලංකා ඊ නිව්ස් අභ්‍යන්තර තොරතුරු සේවයේ වාර්තාවකි)  

 

සබැඳි පුවත්

“මං කිසිවක් දන්නේ නෑ. දිනේෂ් කියන්න කී නිසා කීවා“ -චාවකච්චේරියෙන් හමුවූ බෝම්බ ඇඳුම සහ පුපුරන ද්‍රව්‍ය ගැන ජී.ඇල් දිනේෂ්ව සහ විමල්ව රහස් පොලිසියට පාවා දීලා

සුදු වෑන් ඝාතකයන් නීතිය ඉදිරියට ගේන බවට ජනතාවට සහ ජිනීවා වලදී පොරොන්දු වූ අධිකරණ ඇමැති විජයදාස එ් ඝාතකයන්ටම රෑට රෑට නීති උපදෙස් දීලා මාට්ටු

වනචර දශකයේදී පැහැරගෙන කප්පම් ගෙන ඝාතනය කළ ත්‍රිමලයේ සිසු ඝාතන වැලට සම්බන්ධ නාවික හමුදා නිලධාරියෙක් අත් අඩංගුවට..! තෝරු මෝරු ඇල්ලීම ලඟදීම  

ජනපති මෛත්‍රී ‘සයනයිඩ් පාරේ‘ ඉදිරියට..! අධිකරණ නියෝග නොතකා නාවික හමුදාවේ සුදු වෑන් ඝාතකයන් බේරා ගැනීමට පෙරට

---------------------------
by     (2017-02-12 03:25:30)

ඔබගේ කාරුණික පරිත්‍යාගයෙන් තොරව ලංකා ඊ නිව්ස් පවත්වාගෙන යා නොහැක.

Leave a Reply

  3 discussion on this news

Yahapalakaya namayata lobayen adikaranayath rjayath saamaya saha neethiya rakina aayathanayange kriyaakarakamwaltath vidhayake balaya paawichchikara balapaam kireeem Honda prawanathaawak nowana bawa vidhayakaya watahaagathayuthui. Sweep ticket ekata, waahana dada kriyathmake kireemata, mineemaruwange pareekshana nawatha yata gaseemath horun saha heriyan pilibandawa kriya kireemata neethiya saha saamaya rakina aayathanayanta ida nodeemath yaha paalnaya nei Maraa paalanyatath antha prawanathaawaki. Vidhayakayama rajaya pahasuwata path kireemaki.
-- by Para on 2017-02-12

Ratay vidhayakaya may ayurin rajayeth samaya saha neethiya rakina ayathanayantath balapaam kireema itha ashobana prawanathaawaki. Meya wahaa nawathviya yuththaki. Hirikithai lajjawai samaga itha kalakireemaki.
-- by Para on 2017-02-12

Sadly, we will never come out as proud nation till these puppets govern the country. It needs honest hearted leaders to change the country.
-- by jayamaha on 2017-02-12

News Categories

    අජිත් ගලප්පත්තිගේ සිනමා විචාර එකතුව

    අතීතයෙන් පාඩමක් - විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ ලිපි

    අධිකරණ

    අප්පු-ආමි ගේ ‌කොළම

    අමරජිත් ගාල්ලගේ ලිපි එකතුව

    අඹයාගේ ඇඹුල

    ආචාර්ය අමලානන්ද ‌ගේ ලිපි

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවකට මහජන යෝජනා

    more

Links