~

කප්පම් සඳහා සිසුන් පැහැරගෙන ඝාතනය කළ නාවික හමුදා සුදු වෑන් කල්ලියේ ප්‍රධානියෙක් වූ හිටපු නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශකයා අත් අඩංගුවට

(ලංකා ඊ නිව්ස් -2017.ජුලි.12,  ප.ව‍‍‍‍‍‍.6.30) රාජපක්ෂලාගේ වනචර දශකයේ දී දෙහිවල, මට්ටක්කුලියේ සහ ත්‍රිකුණාමලයේ පදිංචි උසස් පෙළ  සමත්ව විශ්ව විද්‍යාල ප්‍රවේශයට සුදුසුකම් ලබා සිටි දෙමළ, සිංහල සහ මුස්ලිම්  ධනවතුන්ගේ දරුවන් 10 දෙනෙකු කප්පම් සඳහා පැහැරගෙන ගොස් කප්පම් රැගෙන පසුව ඝාතනය කිරීමේ කුරිරු අපරාධය සම්බන්ධයෙන් ප්‍රධාන සැකකරුවෙකු වූ නාවික හමුදාවේ හිටපු මාධ්‍ය ප්‍රකාශකයා වූ කොමදෝරු ඩී.කේ.පී දසනායක අද වැලිසර නාවික හමුදා රෝහලේ දී රහස් පොලිසිය විසින් අත් අඩංගුවට ගත්තේ ය. 

තමන් අත් අඩංගුවට ගැනීමට යන බව දන්නා දසනායක හමුදා රෝහලට ඇතුලත්ව සිටි අතර රට යෑමට සූදානම්ව සිටියේ ය. 

මෙම සාහසික අපරාධය සම්බන්ධයෙන් ධම්මික අනිල් මාපා නමැති ලුතිනන් කොමාන්ඩර් වරයෙකු පළමුවරට අත් අඩංගුවට ගත් අතර පසුව කොමදෝරු සුමිත් රණසිංහ, ප්‍රධාන නාවික ලක්ෂ්මන් උදය කුමාර ඇතුළු නාවික හමුදාවේ පිරිසක් අත් අඩංගුවට ගෙන දැනටමත් රිමාන්ඩ් බන්ධනාගාරයේ පසුවේ.

ඩී.කේ.පී දසනායක ඇතුළු මෙම ඝාතන කල්ලිය පාසැල් සිසුන්ට අමතරව කටුනායක ගුවන් තොටුපොලේ කුලී රථයක් ලෙස වෑන් රියක් හයර් කළ ලෝගනාදන් සහ පරමනාදන් නමැති වෑන් රියේ හිමිකරුවා සහ රියැදුරා පැහැර ගෙන කප්පම් ලබා ගෙන මරා දමා වෑන් රිය නාවික හමුදාව භාවිතා කළ බවද සාක්කි සහිතව හෙළි වී තිබිණ. 

මෙම අපරාධ කල්ලිය පිලිබඳ හිටපු නාවික හමුදාපති  වසන්ත කරන්නාගොඩද දැනුවත්ව සිටි අතර මෙහි ප්‍රධාන සැකකරුවා වන්නේ කරන්නාගොඩගේ පුද්ගලික සහකාරයා ලෙස කටයුතු කළ නේවී සම්පත් හෙවත් සම්පත් මුණසිංහ වේ. 

මේ අපරාධය සම්බන්ධයෙන් පළමුවරට තොරතුරු හෙළිදරව් කෙළේ ලංකා ඊ නිව්ස් විසිනි. 

සබැඳි පුවත් 
වසන්ත කරන්නාගොඩ සහ නාවුක හමුදා සුදු වෑන් ඝාතකයන් සිදුකළ මෙම තිරශ්චීන සිසු ඝාතන ගැන සිද්ධිය කෙටියෙන්

වනචර දශකයේදී පැහැරගෙන කප්පම් ගෙන ඝාතනය කළ ත්‍රිමලයේ සිසු ඝාතන වැලට සම්බන්ධ නාවික හමුදා නිලධාරියෙක් අත් අඩංගුවට..! තෝරු මෝරු ඇල්ලීම ලඟදීම

ත්‍රිමලයේ සිසුන් ඝාතනය කළ තවත් නාවික හමුදා නිලධාරීන් 2 ක් අත් අඩංගුවට - කරන්නාගොඩ, සරත් එන් සිල්වා ආදීන්ගේ කූඨ වෑයම වතුරේ

තෙරපුම හමුවේ නාවික හමුදා අපරාධකරුවන් ආරක්ෂා කිරීම ජනපති අත්හරී: බියවූ අපරාධකරුවෝ ගෝඨාගේ නිවසේදී කළ කුමන්ත්‍රණය මෙන්න

---------------------------
by     (2017-07-12 14:23:10)

ඔබගේ කාරුණික පරිත්‍යාගයෙන් තොරව ලංකා ඊ නිව්ස් පවත්වාගෙන යා නොහැක.

Leave a Reply

  0 discussion on this news

News Categories

    අජිත් ගලප්පත්තිගේ සිනමා විචාර එකතුව

    අතීතයෙන් පාඩමක් - විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ ලිපි

    අධිකරණ

    අප්පු-ආමි ගේ ‌කොළම

    අමරජිත් ගාල්ලගේ ලිපි එකතුව

    අඹයාගේ ඇඹුල

    ආචාර්ය අමලානන්ද ‌ගේ ලිපි

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවකට මහජන යෝජනා

    more

Links