~

ත්‍රිමලයේ සිසුන් ඝාතනය කළ තවත් නාවික හමුදා නිලධාරීන් 2 ක් අත් අඩංගුවට - කරන්නාගොඩ, සරත් එන් සිල්වා ආදීන්ගේ කූඨ වෑයම වතුරේ

(ලංකා ඊ නිව්ස් -2017.මාර්තු.03, පෙ.ව‍‍‍.9.00) 2008-2009  වසන්ත කරන්නාගොඩ නාවික හමුදාපතිව සිටි  කාලයේදී ත්‍රිකුණාමලයේ පදිංචිව සිටි උසස් පෙළ සමත්ව සරසවියට ඇතුළත් වීම සඳහා බලා සිටි දෙමළ දරුවන් 6 දෙනෙකු කප්පම් සඳහා පැහැරගෙන ගොස් කප්පම් ලබාගෙන ඝාතනය කිරීමේ බිහිසුනු අපරාධයට සම්බන්ධ තවත් නාවික හමුදා නිලධාරීන් දෙදෙනෙකු ඊයේ(02) රාත්‍රී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත් අඩංගුවට ගෙන තිබේ. 

මෙම දෙදෙනා නම් කොමදෝරු සුමිත් රණසිංහ සහ ප්‍රධාන නාවික ලක්ෂ්මන් උදය කුමාර නමැති නාවික හමුදා නිලධාරීන් දෙදෙනා ය.

මේ පිරිස අත් අඩංගුවට ගැනීමෙන් වළකාලීමට හිටපු නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩ, ශවීන්ද්‍ර ප්‍රනාන්දු, සරත් එන් සිල්වා යන පිරිස වත්මන් නීතිපතිවරයා මුණ ගැසීමට නොයෙකුත් උපා යෙදූ නමුත් ඒවා අසාර්ථක විය. මේ අපරාධකරුවන් බේරා ගැනීම සඳහා දේශපාලන ද්‍රෝහියෙකු වන අධිකරණ ඇමැති විජයදාස රාජපක්ෂ, සරත් එන් සිල්වා සමග රෑට රෑට ‘නේවි ෂැලේ‘ තුලදී  නීති උපදෙස් ලබා දෙන බව පසුගිය 2016 වසරේ ඔක්තෝම්බර් 8 වෙනිදා ලංකා ඊ නිව්ස් හෙළිදරව් කෙළේය.  

කෙසේ වෙතත් පසුගිය ජනවාරි 14 දා මේ අපරාධ වැලට සම්බන්ධ ධම්මික අනිල් මාපා නමැති ලුතිනන් කොමාන්ඩර් වරයෙකු පළමුවරට අත් අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලද්දේ අපරාධය සිදුවී වසර 8 කට පමණ පසුවය. එහිදී කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ජෙයරාම් ට්‍රොස්කි මහතා නියෝග කෙළේ අනෙකුත් සැකකරුවන්ද අත් අඩංගුවට ගන්නා ලෙසයි.

නමුත් ඉන්පසුව හිටපු නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩ සහ වත්මන් නාවික හමුදාපති රවීන්ද්‍ර විජේගුණවර්ධන දෙදෙනා රහසේම ජනාධිපතිවරයා හමුවී අත් අඩංගුවට ගැනීම් වළක්වා ගත්තේය. ඊට හේතු වූයේ මෙම ඝාතන වලට වසන්ත කරන්නාගොඩද හසුවන බැවිනි. මන්ද යත් මෙම ඝාතන වැලේ නායකයා වූයේ ඔහුගේම සහායකයා වූ නේවි සම්පත් හෙවත් සම්පත් මුණසිංහ නිසාය. 

ජනාධිපතිවරයාගේ වැළැක්වීම රාවය සහ ලංකා ඊ නිව්ස් විසින් දිගින් දිගටම හෙළිකිරීම හමුවේ ජනාධිපතිවරයා තම තීරණය වෙනස් කරමින් අපරාධකරුවන් අත් අඩංගුවට ගැනීමට යළි උපදෙස් දුන්නේය.

ජනාධිපතිවරයාගේ අපරාධකරුවන් අත් අඩංගුවට ගැනීම වැළැක්වීමේ නියෝග අනුව රටට ජීඑස්පී ප්ලස් අහිමිවීමත් යලිත් වතාවක් ජිනීවා මානව හිමිකම් කොමිසම මගින් ලංකාව කෙරෙහි නීතිය ක්‍රියාත්මක නොවන රටක් ලෙස හංවඩු වැදීමේත් අවදානම ලංකා ඊ නිව්ස් පෙන්වා දුන්නේය. 

ඒ කිසිවක් නැතත් කිසිදු වරදක් නොකර ඉතා හොඳින් අධ්‍යාපනය හදාරා සරසවි යෑමට බලාගෙන සිටි දරුවන් පිරිසක් කප්පම් සඳහා පැහැරගෙන කප්පම් ලබා ගැනීමෙනුත් පසුව ඝාතනය කිරීම වැනි අති ම්ලේච්ඡ ක්‍රියාවකට වරදකරුවන්ට දඬුවම් නොදෙනවා නම් එය රටක් නොව අපායක් වනු ඇත. හෙලිවූයේ දරුවන් 10 දෙනෙකු ගැන සාක්ෂි පමණක් වුවද ඝාතනය කළ සිසුන් සංඛ්‍යාව 38 කි. කටුනායක වෑන් රියක හිමිකරුවා සහ රියැදුරාද ඒ හා ඇමිණුනු ඝාතන දෙකකි.

මේ හා සම්බන්ධ පැරණි පුවත්
තෙරපුම හමුවේ නාවික හමුදා අපරාධකරුවන් ආරක්ෂා කිරීම ජනපති අත්හරී: බියවූ අපරාධකරුවෝ ගෝඨාගේ නිවසේදී කළ කුමන්ත්‍රණය මෙන්න

සිංහල පත්තරයක ඔතා චාවාකච්චේරියෙන් හමුවූ මරාගෙන මැරෙන බෝම්බ ඇඳුම සහ පුපුරණ ද්‍රව්‍ය ගැන පරීක්ෂණ වහාම නතර කරන්න..! නාවික හමුදා ඝාතන ගැනත් පරීක්ෂණ නතර කරන්න..!! ජනාධිපතිගෙන් නියෝග 

සුදු වෑන් ඝාතකයන් නීතිය ඉදිරියට ගේන බවට ජනතාවට සහ ජිනීවා වලදී පොරොන්දු වූ අධිකරණ ඇමැති විජයදාස එ් ඝාතකයන්ටම රෑට රෑට නීති උපදෙස් දීලා මාට්ටු

වනචර දශකයේදී පැහැරගෙන කප්පම් ගෙන ඝාතනය කළ ත්‍රිමලයේ සිසු ඝාතන වැලට සම්බන්ධ නාවික හමුදා නිලධාරියෙක් අත් අඩංගුවට..! තෝරු මෝරු ඇල්ලීම ලඟදීම  

ජනපති මෛත්‍රී ‘සයනයිඩ් පාරේ‘ ඉදිරියට..! අධිකරණ නියෝග නොතකා නාවික හමුදාවේ සුදු වෑන් ඝාතකයන් බේරා ගැනීමට පෙරට

---------------------------
by     (2017-03-03 04:01:00)

ඔබගේ කාරුණික පරිත්‍යාගයෙන් තොරව ලංකා ඊ නිව්ස් පවත්වාගෙන යා නොහැක.

Leave a Reply

  0 discussion on this news

News Categories

    අජිත් ගලප්පත්තිගේ සිනමා විචාර එකතුව

    අතීතයෙන් පාඩමක් - විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ ලිපි

    අධිකරණ

    අප්පු-ආමි ගේ ‌කොළම

    අමරජිත් ගාල්ලගේ ලිපි එකතුව

    අඹයාගේ ඇඹුල

    ආචාර්ය අමලානන්ද ‌ගේ ලිපි

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවකට මහජන යෝජනා

    more

Links