~

තෙරපුම හමුවේ නාවික හමුදා අපරාධකරුවන් ආරක්ෂා කිරීම ජනපති අත්හරී: බියවූ අපරාධකරුවෝ ගෝඨාගේ නිවසේදී කළ කුමන්ත්‍රණය මෙන්න

(ලංකා ඊ නිව්ස් -2017.පෙබ.18, පෙ.ව‍.5.45) කප්පම් සඳහා අසරණයන් පැහැරගෙන ඝාතනය කළ නාවික හමුදා අපරාධකරුවන්  අත් අඩංගුවට ගැනීමෙන් වළකින්නැයි ජනාධිපති සිරිසේන මහතා විසින් රහස් පොලිසියට පසුගිය 7 වෙනිදා දෙවන වරටත් කරන ලද නියෝගය ලංකා ඊ නිව්ස් සහ රාවය විසින් හෙළිදරව් කරමින් ඊට එරෙහිව කරන ලද තෙරපුම හමුවේ වැරදි නියෝගය අත් හිටුවා අපරාධකරුවන් අත් අඩංගුවට ගන්නා ලෙස ජනාධිපතිවරයා යලිත් වරක් රහස් පොලිසියට උපදෙස් දී තිබේ.

මෙම අලුත් තත්ත්වය හමුවේ බියපත් වී ඇති හිටපු නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩ ඇතුළු පිරිසක් පසුගිය අඟහරුවාදා (14) රාජපක්ෂ කණ්ඩායම හමුවී තමන් ගලවා ගන්නැයි ආයචනා කර තිබේ.

මේ සම්බන්ධ සාකච්ඡාව ගෝඨාභය රාජපක්ෂගේ නිවසේ පැවැති අතර ඊට ගෝඨාභය රාජපක්ෂ, හිටපු කුප්‍රකට අගවිනිසුරු සරත් එන් සිල්වා, ඩලස් අලහප්පෙරුම, නාවික හමුදාවේ හිටපු නීති නිලධාරී ශවීන්ද්‍ර ප්‍රනාන්දු, හිටපු නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩ, නීතිඥ බාලසූරිය නමැත්තෙක් සහ තවත් තිදෙනෙකු සහභාගී වී ඇත.

මෙහිදී සරත් එන් සිල්වා සහ ශවීන්ද්‍ර ප්‍රනාන්දු දෙදෙනා පවසා ඇත්තේ මේ සම්බන්ධයෙන් කටයුතු කරන නීතිපති දෙපාර්තමේන්තුවේ තමන්ට හිතවත් නිලධාරීන් හරහා අත් අඩංගුවට ගැනීම් වළකා ගැනීමටත් නීතිය කණපිට ගැසීමටත් ක්‍රියා කරන බවයි. (ශවීන්ද්‍ර ප්‍රනාන්දු ද නීතිපති දෙපාර්තමේන්තුවේ හිටපු නිලධාරියෙකි)  

ඩලස් අලහප්පෙරුම පවසා ඇත්තේ නාවික හමුදා අපරාධකරුවන් අත් අඩංගුවට ගන්නේ නම් ‘රණවිරුවන්‘ අත් අඩංගුවට ගන්නවා කියා ජනතාව කුපිත කරවා පාරට බැස්සවීමට තමන් ක්‍රියා කරන බවයි. ( පසුදිනෙක ඩිලාන් පෙරේරා ද මේ කතාවම පුනරුච්ඡාරණය කරන ලද බැවින් ඔහු ඉන්නේ කා සමගදැයි පැහැදිලිය)

මොවුන් මෙසේ කුමන්ත්‍රණය කළද ගුවන් තොටුපොලේ කුලී රථයක් ලෙස වෑන් රියක් හයර් කළ ලෝගනාදන් සහ පරමනාදන් නමැති වෑන් රියේ හිමිකරුවා සහ රියැදුරා පැහැර ගෙන කප්පම් ලබා ගෙන මරා දමා වෑන් රිය නාවික හමුදාව භාවිතා කළ බවට මේ වන විටත් අධිකරණය හමුවේ කරුණු ගොනු කර ඇති අතර නේවි සම්පත්, දයානන්ද සහ ගුරුගේ යන නාවික හමුදා නිලධාරීන් අත් අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන්නැයි නියෝග ලබා දී අහවරය. ලෝගනාදන් සහ පරමනාදන් පැහැර ගෙන ඝාතනය කිරීමට අමතරව මෙම නාවික හමුදා ඝාතකයන් කණ්ඩායම විසින් සරසවියට තේරුණු උසස් පෙළ සමත්ව සිටි සිසුන් 10 දෙනෙකු ද (සත්‍ය වශයෙන් පැහැරගෙන ඝාතනය කර ඇති සිසුන් ගණන 38 කි. සාක්ෂි ඇත්තේ ඉහත කී 10 දෙනා ගැන පමණි)  මේ ආකාරයටම කප්පම් සඳහා පැහැගෙන කප්පම් ලබා ගෙන පසුව ඝාතනය කර ඇති බවටද තොරතුරු හෙලි වී තිබේ. එම සිසුන් අතර දෙමළ මුස්ලිම් සහ සිංහල සිසුන් ද වෙති.

මේ තරම් භයානක අපරාධයක පරීක්ෂණ වළකාලීමට කුමන්ත්‍රණය කිරීමම අත් අඩංගුවට ගැනීමට හේතු කාරණා ඇති අපරාධයකි. 

සබැඳි පුවත්

සිංහල පත්තරයක ඔතා චාවාකච්චේරියෙන් හමුවූ මරාගෙන මැරෙන බෝම්බ ඇඳුම සහ පුපුරණ ද්‍රව්‍ය ගැන පරීක්ෂණ වහාම නතර කරන්න..! නාවික හමුදා ඝාතන ගැනත් පරීක්ෂණ නතර කරන්න..!! ජනාධිපතිගෙන් නියෝග 

“මං කිසිවක් දන්නේ නෑ. දිනේෂ් කියන්න කී නිසා කීවා“ -චාවකච්චේරියෙන් හමුවූ බෝම්බ ඇඳුම සහ පුපුරන ද්‍රව්‍ය ගැන ජී.ඇල් දිනේෂ්ව සහ විමල්ව රහස් පොලිසියට පාවා දීලා

සුදු වෑන් ඝාතකයන් නීතිය ඉදිරියට ගේන බවට ජනතාවට සහ ජිනීවා වලදී පොරොන්දු වූ අධිකරණ ඇමැති විජයදාස එ් ඝාතකයන්ටම රෑට රෑට නීති උපදෙස් දීලා මාට්ටු

වනචර දශකයේදී පැහැරගෙන කප්පම් ගෙන ඝාතනය කළ ත්‍රිමලයේ සිසු ඝාතන වැලට සම්බන්ධ නාවික හමුදා නිලධාරියෙක් අත් අඩංගුවට..! තෝරු මෝරු ඇල්ලීම ලඟදීම  

ජනපති මෛත්‍රී ‘සයනයිඩ් පාරේ‘ ඉදිරියට..! අධිකරණ නියෝග නොතකා නාවික හමුදාවේ සුදු වෑන් ඝාතකයන් බේරා ගැනීමට පෙරට

---------------------------
by     (2017-02-18 01:19:20)

ඔබගේ කාරුණික පරිත්‍යාගයෙන් තොරව ලංකා ඊ නිව්ස් පවත්වාගෙන යා නොහැක.

Leave a Reply

  3 discussion on this news

Before everybody Sarath Silva should be prosecuted for misusing his Office in CBK & MR regimes.
-- by samson on 2017-02-18

sabavinma Janapathithuma mevani deyak kale nam eya ittha jugupsajankaya.Hethuva janavari 8ta kalin me ayagen pida labu vindithiyek mama da vemi.Ma pasu pasa pamini sudu van harunu kota Navika Hamuda nila adum saha vahana apamanaya.varak mage mava ge danahis amaruvata beheth ganmata gos three roda ratyakin pamineddi eya happa damimata Navika hamuda truck rathyak uthsaha kaleya mage pasal mithrayaku vu Jayantha ge daksa kama nisa ape divi galavini.Avasanaye naththndiye Perera mahatha (Janapathi Divrum dime nakatha hadu) hamu vee mage kendaraya bal ganimata giya aththra Nawala pare ohuge karyalaya aslata pava sudu van ekak paminiyeya.Maranaya abiyasa jeevath vu mata ohu gen sanasum shagatha pilithurak labuni.kangatuvata karuna me minimaruvan kamba horun Janapathi arakasa kirimai.VETATH NIYARATH GOYAM KA NAM KATA KIYAMUDA E AMARUWA !
-- by robinhood on 2017-02-18

ජනාධිපති සිරිසේන ඉතාම අවධානයෙන් සිතිය යුතු වැදගත් කාරනය වෙන්නේ. (නොබලනවායි ප්‍රසිද්දියේ කියුවත් මෙය බලනවානම් වඩාත් අගනේය) මහින්ද රාජපක්ෂ මොනතරම් අපරාද, අසාධාරන, වංචා හා සදාචාරයක් නැති වැඩ කලත් ඒ දේවලින් යැපුනු සහ කිසිම හැඟීමක්, දැනීමක් නැති මිනිසුන් හා ජනතාවක් එදත් අදත් ගෙදර ගිය ඔහු සමග ඉන්නවා. ප්‍රමානාත්මකව එය අඩු වෙමින් යෑම වෙනත් කාරනයක්. නමුත් ජනාධිපති සිරිසේන එතැනට ආවේ එදා වුනු ඒ අපරාද, අසාධාරන, වංචා හා සදාචාරයක් නැති වැඩ නවත් වන්න පමනක් නොව ඒ අපරාද කාරයින්ට නීතියානුකූලව දඬුවම් කරන්නයි. එමනිසා ජනාධිපති සිරිසේන එම පොරොන්දුව කඩ කර ගෙදර ගියොත් ඔහු මේ මුලු ලංකාවෙම ජනතාවගෙන් සාප සහ ගැරහුම් ලබන එකම ගෙදර ගිය ජනධිපති වෙනවා. මොකද ජනාධිපති සිරිසේනට චන්දය නොදුන් මහින්ද රාජපක්ෂගේ පිරිස වගේම ජනාධිපති සිරිසේනට චන්දය දුන් සාධාරන ජනතාවත් එදාට ජනාධිපති සිරිසේනගේ මූනට කෙල ගසනවා නියතයි. එදාට අද ඔහු දැන හෝ නොදැන උදවු කරන හෝ උදවු කරන්න හදන කිසිම අපරාද කාරයෙක්, වංචා කාරයෙක් ඔහු දිහා හැරිලාවත් නොබලනු පමනක් නොව ඔහුට ගරහන්නන් සමග ගරහනුද ඇත. ඒ ඔවුන්ගේ ප්‍රතිපත්ති විලාශයයි. කරුනාකර ඔබ කවදා හෝ විශ්‍රාමිකව සිටිනා දවසක ඔබ මේ රටට කල දේ ගැන සිතා ඔබට සැනසිය හැකි දෙයක් කිරීමට උත්සාහ ගන්න. අපරාද කරුවන්, වංචාකාරයින් අරක්ශා කරන්නවුන්ටත් කවදා හරි සොභාධර්මය ශාප කරන්නේ අපරාද කරුවන්, වංචාකාරයින්ට ශාප කරන ලෙසටමය. ඉන් ගැලවීමට ජගතෙකු නොමැතිබව ජනාධිපති සිරිසේන ප්‍රතක්ෂකර ගතයුතුමය.
-- by Batty on 2017-02-19

News Categories

    අජිත් ගලප්පත්තිගේ සිනමා විචාර එකතුව

    අතීතයෙන් පාඩමක් - විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ ලිපි

    අධිකරණ

    අප්පු-ආමි ගේ ‌කොළම

    අමරජිත් ගාල්ලගේ ලිපි එකතුව

    අඹයාගේ ඇඹුල

    ආචාර්ය අමලානන්ද ‌ගේ ලිපි

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවකට මහජන යෝජනා

    more

Links