~

ජනාධිපති නියෝග නොපිට හැරවූ ආරක්ෂක ලේකම් කැඳවා දෝස්මුරයක්..! නියෝගය නිවැරදි කරයි: ඊ නිවුස් පුවත ඵල දරයි

(ලංකා ඊ නිව්ස් -20­­­­16.ජූලි.29, ප.ව‍‍‍‍‍‍.7.10) ලංකා ඊ නිව්ස් අද උදෑසන වාර්තා කළ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා නාවුක හමුදා කොමදෝරු කේ.සී. වෙලගෙදර මහතා සම්බන්ධයෙන් නාවුක හමුදා යුධ අධිකරණය දුන් නියෝගය අවලංගු කිරීමේ නියෝගය ආරක්ෂක ලේකම් කරුණාසේන හෙට්ටිආරච්චි මහතා විසින් නොපිට හැරවීමේ සිද්ධිය අද දහවල් වන විට නිවැරදි කර තිබේ.

සිද්ධිය සම්බන්ධයෙන් ජනාධිපතිවරයා ආරක්ෂක ලේකම්වරයා කැඳවා දැඩි සේ දොස් කියා ඇති අතර ලේකම්වරයා පවසා ඇත්තේ එය සිතා මතා සිදුකරන ලද්දක් නොවන බවත් වරදවා තේරුම් ගැනීමක් නිසා සිදුවූ අතපසුවීමක් බවයි. 

ජනාධිපතිවරුන් සිය ලේකම්ලාට නියෝග දෙන්නේ ලිඛිතව නොවන අතර වාචිකව ය. ඒවා නිවැරදිව සටහන් කරගෙන ඒ අනුව කටයුතු කිරීම කෘතහස්ත ලේකම්වරුන්ගේ රාජකාරියයි. කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් ආරක්ෂක ලේකම් වරයා ජනාධිපතිවරයාගේ දැඩි දෝෂ දර්ශනයට ලක්ව තිබේ. 

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ‘දැඩි දෝෂ දර්ශනය‘ සම්බන්ධයෙන්ද ජනතාවට වචනයක් ලිවිය යුතුය. මෛත්‍රීපාල සිරිසේන මහතා සාමාන්‍යයෙන් නිවුණු, කෝප නොගන්නා, පරිස්සමින් වචන භාවිතා කරන පුද්ගලයෙක් වුවද ලේකම්වරුන්ගේ රාජකාරි පැහැර හැරීම් සම්බන්ධයෙන් ‘දෝෂ දර්ශනයට ලක් කිරීම‘ නම් අසාගෙන සිටින අයෙකුට සිතෙන්නේ ‘අයියෝ මෙතරම් බැනුම් අහගෙන මොකට මේ ලේකම්කම් කරනවාද?‘ කියා ය.  

ඒ අනුව ආරක්ෂක ලේකම්වරයා පෙර දී නාවික හමුදාවට යැවූ ලිපිය වෙනස් කරමින් වෙලගෙදර සම්බන්ධයෙන් නාවුක හමුදා යුධ අධිකරණය දුන් අසාධාරණ තීන්දුව සේනාධිනායක ජනාධිපතිවරයා විසින් අවලංගු කරන ලද බව දන්වා යවා ඇත.

කපිතාන් යෝෂිත රාජපක්ෂ 74 වතාවක් පිටරට ගොස් ඇති අතර ඉන් අවසර ලබාගෙන ගොස් ඇත්තේ 24 වතාවක් පමණකි. එනම් 50 වතාවක්ම ඔහු පිටරට ගොස් ඇත්තේ නිසි අවසරයක් නොමැතිව නමුත් ඔහු සම්බන්ධයෙන් යුද අධිකරණයක් නොකැඳවූ නාවුක හමුදාපතිවරයා කේ.සී.වෙලගෙදර කිහිප වතාවක්ම විදෙස් ගත වීමට අවසර ඉල්ලා එක් වතාවක් පිටරට ගිය සිද්ධියක් සම්බන්ධයෙන් යුද අධිකරණයක් කැඳවා වසර 4 කට ඔහුගේ උසස්වීම් තහනම් කෙළේය. කේ.සී. වෙලගෙදර යහපාලන ආණ්ඩුවට වැදගත් වන්නේ දූෂිත වනචර දශකයේ හිටපු නාවුක හමුදාපති වසන්ත කරන්නාගොඩ සහ පිරිසක් විසින් පාසැල් සිසුවන්ද ඇතුළු කණ්ඩායමක් කප්පම් සඳහා පැහැරගෙන ගොස් කප්පම් රැගෙන ඝාතනය කිරීමේ අපරාධයත්, ඕස්ට්‍රේලියාවට බෝට්ටු මගින් පටවා යැවීමේ මිනිස් ජාවාරමට නාවික හමුදා ප්‍රධානීන්ගේ සම්බන්ධයත් පිලිබඳ පැවැත්වෙන සීඅයිඩී පරීක්ෂණ වලදී වැදගත් සාක්කි කරුවෙක් වන බැවිනි. මෙකී අපරාධ වසන් කිරීමට උත්සාහ දරණ වත්මන් නාවුක හමුදාපතිවරයා කේ.සී.වෙලගෙදරගෙන් පලිගැනීම අරභයා මෙකී යුදාධිකරණය කැඳවන ලදී. එපමණක් නොව වෙලගෙදරගේ ලොකරයක් කඩා සාක්කි සටහන් වලට අදාල ලිපි ලේඛනද පසුගියදා සොරකම් කරගෙන තිබිණ.   


සබැඳි පුවත්
1) රට අනතුරේ...! ආරක්ෂක ලේකම් ජනාධිපතිගේ ඇස් වසා ජනාධිපති නියෝග සම්පූර්ණයෙන්ම නොපිට හරවලා

2) යහපාලන ආණ්ඩුව නාවුක හමුදාවේ සහ ආරක්ෂක අමාත්‍යාංශයේ රාජපක්ෂ අවතාර වලට මෙපමණ බයද? ඝාතන දූෂණ හෙලිකරන ලුතිනන් කොමදෝරු වෙලගෙදර යලි අනතුරේ

3) 50 වතාවක් හමුදා විනය කැඩූ යෝෂිත නිදැල්ලේ තබා එක් වතාවක් විනය කැඩූ යහපාලනවාදියාට දඬුවම් දීම ගැන හේතු කියන්න ආ නාවික හමුදා ප්‍රකාශක ඇනගනී : සුජීව සේනසිංහ ගොබ්බකම ප්‍රදර්ශනය කරයි (Video)

4) ආරක්ෂක ලේකම් යහපාලනය කණපිට ගස්සන බව යලි සනාථ කරයි: 29 වතාවක් රට ගිය යෝෂිත නිරුපද්‍රිතව සිටියදී එක් වතාවක් රට ගිය රජයේ සාක්කිකරුවාට මහින්දගේ නීතිඥයා ලවා දඬුවම් දෙයි

5) පුදුමයි ඒත් ඇත්තයි..! රාජපක්ෂලාගේ බයියෝ සේනාධිනායකයාට කොකා පෙන්වති..!! රාජපක්ෂගේ බයියෙක් නාවික හමුදාවේ නඩුත් අසා යහපාලනවාදීන් හිරේ දමන්නත් යයි

---------------------------
by     (2016-07-29 13:53:31)

ඔබගේ කාරුණික පරිත්‍යාගයෙන් තොරව ලංකා ඊ නිව්ස් පවත්වාගෙන යා නොහැක.

Leave a Reply

  3 discussion on this news

Rajayak balayata path una gaman karanne a a thanathuruvalata sudusu niladhaareen thora pathkara ganeemai.Namuth yahapaalana rajayen thanathuruvalata path kota aththe thamange yahaluvan, naayan ha paasal mithiran vani ayai.Evita mema de siduviya hakiya.
-- by nareen on 2016-07-30

Honoured LEN, Thank you very much for your intervention in this matter. If not for your brave reporting, an innocent person would have been subjected to great injustice. May you live long!
-- by Samarakoon Bandara on 2016-07-30

Janadipathi kiyana de therum ganna bari Araksaka lekam hariyata Rajjuruwanta hitiya Wanduru mithura wage . Koiwele Rajjuruwanwa kapadamaida danne naha.
-- by Indrajith on 2016-08-01

News Categories

    අතීතයෙන් පාඩමක් - විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ ලිපි

    අධිකරණ

    අප්පු-ආමි ගේ ‌කොළම

    අඹයාගේ ඇඹුල

    ආචාර්ය අමලානන්ද ‌ගේ ලිපි

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවකට මහජන යෝජනා

    ආනන්දගේ පරිවර්තන

    ආනුභාවනන්දගේ ලිපි

    more

Links