~

ජනාධිපති රටේ ආරක්ෂාව දෙවැනියට දා කොමිස් කුට්ටියකට පළමු තැන දී ලංකාවට සිටි හොඳම නාවික හමුදාපති මාස දෙකෙන් ගෙදර යැවීමේ ආනිශංස ඊයේ පාන්දරම අත්විඳී

(ලංකා ඊ නිව්ස් - 2017.නොවැ.03, පෙ.ව.6.40) නාවික හමුදාපතිවරුන් පත් කිරීම සහ විශ්‍රාම යැවීම පොළොන්නරුවේ ආප්ප කඩවල ආප්ප බානවා සේ යයි සිතා කටයුතු කළ සේනාධිනායකයාගේ නූගත්කම නිසා වසර 30 කට පසු ට්‍රැවිස් සින්නයියා උතුරේ ඉන්දියානු මුහුදු සීමාවේ එලූ අති සාර්ථක ආරක්ෂක දැල හිල් වී පරණ සෙල්ලම යලි ආරම්භ වී තිබේ. 

ලංකාවට පහළ වූ දක්ෂතම නාවික හමුදාපතිවරයා වූ ට්‍රැවිස් සින්නයියා නාවික හමුදාපතිවීමෙන් පසු වසර 30 ක් පමණ තිස්සේ මහත් හිසරදයක්ව පැවැති ඉන්දීය ධීවර යාත්‍රා ලංකාවේ මුහුදු සීමාව උල්ලංඝනය කරමින් මසුන් මැරීම අදහා ගත නොහැකි අන්දමට අඩු විය. සාමාන්‍යයෙන් දිනකට ලංකාවේ මුහුදු සීමාවට නීති විරෝධීව පැමිණෙන ඉන්දීය ධීවර යාත්‍රා සංඛ්‍යාව දහස් ගණනකි. වරෙක රාජිත සේනාරත්න ධීවර ඇමැතිවරයාව සිටියදී මෙකී ප්‍රශ්නය ගැන ඉන්දීය අගමැති මෝදි සමග සාකච්ඡා කිරීමට ඉන්දියාවට ගියේය. ඒ යෑමට පෙර ඉන්දීය ධීවර යාත්‍රා ලංකාවේ මුහුදු සීමාව උල්ලංඝනය කරන ආකාරය ගැන සාක්කි සොයා ගැනීම සඳහා අදාල ජාත්‍යන්තර ආයතන වලට කතා කොට රාත්‍රී කාලයේ වුව පැහැදිලිව ගත හැකි සැටලයිට් සේයාරූ ලබා ගත්තේ ය. ඒ එක් සේයාරුවක ලංකාවේ මුහුදු ප්‍රදේශයට එක් රාත්‍රියක පැමිණ තිබූ ඉන්දීය ධීවර යාත්‍රා සංඛ්‍යාව 5000 ඉක්මවා තිබිණ. රාජිත පෙන්වූ එකී සේයාරූ දුටු මෝදි හිසේ අත් ගසා ගත් බව ප්‍රසිද්ධ රහසකි. 

හෙල්පින් ඉන්දියන්ස්

ට්‍රැවිස් සින්නයියා නාවික හමුදාපතිවරයා වීමෙන් පසු එලූ නවතම ආරක්ෂක දැල නිසා ඔහු හමුදාපතිධූරය දැරූ මාස 2 කට මුහුදු සීමාව උල්ලංඝනය කර තිබුනේ ඉන්දීය යාත්‍රා 6 ක් පමණක් යැයි කීවොත් ඔබ පුදුම වනවා ඇත. ඔහු කෙළේ අපූරු උපායකි. ඔහු ගියේ ඉන්දියාව තරහා කරගන්නා තාලේ ක්‍රියාවකට නොවේ. නාවික හමුදාව සතුව තිබෙන විශාල නැව් සියල්ල උතුරේ මුහුදු සීමාවට ගෙන්වා ඉන්දීය ධීවරයන්ට මුහුදු සීමාව හඳුනා ගත හැකි පරිදි රාත්‍රී අධි බලැති විදුලි පහන් දල්වා මුහුදු සීමාව ආලෝකමත් කළේය. ඔහු ඊට නම් තැබුවේ ‘හෙල්පින් ඉන්දියන්ස්‘ කියා ය. එනම් ඉන්දීය ධීවරයන් නිකරුණේ අත් අඩංගුවට පත්වීමෙන් ගලවා ගැනීමට ඔවුන්ට කරන උදව්වක් ලෙසය. සත්‍ය වශයෙන්ම මෙය ඉන්දීය ධීවරයන්ගේ පමණක් නොව තමිල්නාඩු ප්‍රාන්ත ආණ්ඩුවේ ද මහත් ප්‍රසාදයට ලක්විය. හිටපු ගෝරිල්ලා වැනි ගොබ්බ හමුදාපතිවරයෙක් නම් කරන්නේ ධීවර බෝට්ටුවලට පැන ධීවරයන්ගේ කණට ගැසීම වුවද ට්‍රැවිස් සින්නයියාගේ උපාය වෙනස් විය. දිනකට දහස් ගණනක සීමා කැඩීමක් මාස 2 කට 6 ක් තරම් සුළු ගණනකට අඩු වූයේ එනිසා ය. 

මෛත්‍රීපාල සිරිසේන නමැති අශීලාචාර සේනාධිනායකයා ගිනස් වාර්තාවක්ද තබා මාස දෙකකින් ගෙදර යැව්වේ එවන් නාවික හමුදාපතිවරයෙකි. 

ට්‍රැවිස් භාවිත කළ උපාය ඔහුගේ විශ්‍රාම යෑමෙන් පසු නාවික හමුදාවට තව දුරටත් කරගෙන යා නොහැකි බව පෙන්නුම් කරමින් දැන් පරණ සෙල්ලම යලි ඇරඹී ඇත. 

ඊයේ(02) අලුයම උතුරු මුහුදේ ඩෙල්ෆ්ට් දූපතට ඊසාන දෙසින් අනවසරයෙන් ධීවර කටයුතු වල නියැලෙමින් සිටි ඉන්දීය ධීවරයින් 13 දෙනෙකු හා ඔවුන්ගේ ධීවර  යාත්‍රා 3 ක් නාවික හමුදාව විසින් අත් අඩංගුවට ගෙන තිබේ.

මීට අමතරව ඉන්දීය ධීවරයින් සහිත යාත්‍රා රැසක් පෙරේදා 01 දා රාත්‍රියෙහිද පැමිණ ඇතත් ශ්‍රී ලංකා නාවික හමුදා මුර සංචාර යාත්‍රා වලට අල්ලා ගත නොහී ඒවා පලා ගොස් ඇත. 

අත් අඩංගුවට ගත් ඉන්දීය ධීවරයින් 13 දෙනා හා ඔවුන්ගේ යත්‍රා තුන ඩෙල්ෆ්ට්හි ධීවර පරීක්ෂකවරයා වෙත බාරදීමට නාවික හමුදාව පියවර ගෙන ඇත.

ට්‍රැවිස් සින්නයියා අනවශ්‍ය පැරණි යුද නෞකාවක් රුසියාවෙන් අධික මිලකට ශ්‍රී ලංකාව මිලදී ගැනීමට විරුද්ධ අයෙක් බැවින් යුද නෞකා කොමිස් මුදල වූ කෝටි ගණනක මුදල සිරිසේන පවුලට අහිමි වේ යැයි බියට ට්‍රැවිස් සින්නයියා මාස දෙකෙන් විශ්‍රාම ගැන්වූ බව අද මුළු ලොවම දන්නා සත්‍යයකි. එය නොදන්නේ පසුගිය කැබිනට් මාධ්‍ය හමුවේදී ඒ ගැන මාධ්‍යවේදියෙකු නැගූ ප්‍රශ්නයට ගල් පැලෙන බොරු පිළිතුරක් දුන් දයාසිරි ජයසේකර සහ චතුරිකාලාගේ පිඟානෙන් වැටෙන ඉඳුල් බුදින පෘතුගීසිකාර මාධ්‍ය ලේකම්ලා සහ මහාරාජාගේ මාධ්‍ය ලේකම්ලා පමණි. 

පහත් අරමුණු වෙනුවෙන් රටේ ආරක්ෂාව අනතුරට

මෛත්‍රීපාල සිරිසේන මහතා තව දුරටත් සුද්ධවන්තයෙකු නොව කොමිස් කාක්කෙක් බව දැන් නොරහසකි. ඔහු වාරිමාර්ග ඇමැතිව සිටියදී ඕස්ට්‍රේලියානු සමාගමකින් කොමිස් මුදල් ලබා ගත් සිද්ධියෙන් ඒ බව ලෝකයාට ඔප්පු වීය. ලෝක බැංකුව ඒ සම්බන්ධයෙන් කරන ලද දීර්ඝ පරීක්ෂණයකින් පසු මුදල් ලබා ගත් බව තහවුරු වීම නිසා ජනාධිපතිවරයෙකුට එරෙහිව කිසිවක් කළ නොහැකි නමුත් ඕස්ට්‍රේලියානු සමාගම බ්ලැක් ලිස්ට් කළ බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කෙළේය. එය දැන් මුළු ලෝකයම දනී.

තම පුද්ගලික පහත් අරමුණු හේතුවෙන් මෛත්‍රීපාල සිරිසේන මහතා මෙවර අනතුරට හෙළුවේ රටේ ආරක්ෂාවය. ට්‍රැවිස් සින්නයියා නාවික හමුදාපති කර මාස දෙකෙන් ගෙදර යැවීම ගැන මොවුන් කියන්නේ අසන ජනයා පට්ට පල් මෝඩයන් යයි සිතා ගොතන සුරංගනා කතාය. යුද කළ නාවික නිලධාරීන් සියළුම දෙනා නාවික හමුදාපතිවරුන් වී විශ්‍රාම යෑමට කැමැති බැවින් තොග පිටින් මාස 3 බ්‍රොයිලර්ලාටත් වඩා අඩු කාලයකින් නාවික හමුදාපතිලා කර ගෙදර යැවීමට කටයුතු කරන බව මොවුන් දැන් කියති. ප්‍රශ්නය වන්නේ සින්නයියාට පෙර සිටි රවීන්ද්‍ර විජේගුණවර්ධන හෙවත් ගෝරිල්ලා සිටියදී ඔය තීන්දුව නොගෙන ඔහුගේ වසරක කාලය අවසන් වීමෙන් පසුවත් තවත් මාස 6 ක සේවා දිගුවක් දුන්නේ මන්ද කියා ය. එකල යුද කළ නාවික නිලධාරීන් නොසිටියේ ද? 

හමුදාපතිවරයෙකු පත් කරන්නේ ඔවුන් හමුදාවට බඳවා ගත් කණ්ඩායම අනුව ඒ කණ්ඩායමේ සිටින හොඳම නිලධාරියා ය. තම කණ්ඩායමේ එක් අයෙකුට හමුදාපති ධූරය ලැබීම එම කණ්ඩායමටම ලැබීමක් සේ සැලකීමට නිලධාරීන් පුරුදුව සිටිති. එසේ නොමැතිව එකම කණ්ඩායමේ සිටින සියල්ලෝටම හමුදාපතිකම් දෙන රටක් මේ ග්‍රහලෝකයේම නැත. 

කමිටු තුන මෙන්න 

එබැවින් මොවුන් කියන්නේ පට්ට පල් බොරුය. කිතුලට ගිය එකා කියන කතාය. ඒ කතා කිසිවක් නොමැතිව රවීන්ද්‍ර විජේගුණවර්ධනට මාස 6 ක සේවා දිගුවක්ද දී තබා ගත්තේ ඊට පෙර ඉහත කී රුසියානු යුද නැව ගන්නවාට විරුද්ධව ඒ සඳහා පත් කළ කමිටු 3 ක් විසින්ම දී තිබූ වාර්තා රවීන්ද්‍ර ලවා වෙනස් කර ගැනීමට ය. එකී කමිටු 3 මෙසේය.

1 වන කමිටුව - රියර් අද්මිරාල් වෑත්තෑවගේ ප්‍රධානත්වයෙන් පැවැති කමිටුව ( ඔහු දැන් ඇමරිකාවේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ ඩිෆෙන්ස් ඇටෑචී ලෙස කටයුතු කරයි)
2 වන කමිටුව - රියර් අද්මිරාල් සිරිමෙවන් රණසිංහ නාවික හමුදා මෙහෙයුම් අධ්‍යක්ෂවරයාව සිටියදී ඔහුගේ ප්‍රධානත්වයෙන් පැවැති කමිටුව. (සින්නයියාගෙන් පසු නාවික හමුදාපති කෙළේ ඔහුව නමුත් ඔහුවද තව මාසයකින් විශ්‍රාම යවනු ඇත) 
3 වන කමිටුව - නාවික හමුදා ස්වේච්ඡා සේනාධිපති රියර් අද්මිරාල් රොසයිරෝ ගේ ප්‍රධානත්වයෙන් පැවැති කමිටුව 

ඉහත කමිටු තුන විසින්ම මෙකී රුසියානු යුද නැව මිලදී ගන්නවාට විරුද්ධව කරුණු ඉදිරිපත් කර තිබුණු නමුත් පසුව රවීන්ද්‍ර විජේගුණවර්ධනට සේවා දිගුවක් ද දී ඔහු ලවා මිලදී ගැනීමට පක්ෂව වාර්තාවක් හදා ගත්තේය. මේ අනුව අද ජනාධිපතිවරයා කියන කතා පට්ට පල් බොරු බව ඕනෑම මෝඩයෙකුට වුවද පැහැදිලිය.

නාවික හමුදාපතිවරයෙකුට හිමි විය යුතු නිල වාහනය සහ නිල නිවස ලබා ගැනීමටත් පෙර ට්‍රැවිස් සින්නයියා නමැති අග්‍රගන්‍ය නාවික නිලධාරියාගේ සේවය රටට අහිමි කිරීම ගැන මේ තක්කඩියන්ට හෙණ නොවැදුනහොත් පුදුමය. අලුතින් පත්වන හමුදාපතිවරයෙකුට නිල වාහනය නිල නිවස ලබා නොදී අවශ්‍ය නම් උපරිම මාස 3 ක් හිටපු හමුදාපතිවරයාටම තබා ගැනීමට නීතිමය අවස්ථාවක් ඇත. එසේ වී ඇත්තේ හිටපු පුද්ගලයාට නිවසක් වාහනයක් ලබා ගන්නා තුරු කල් දීමකි. එම නීතිමය අවස්ථාවෙන්ම පෙනී යන්නේ අලුතින් පත්වන කිසිදු හමුදාපතිවරයෙකු මාස 3 කට පෙර ඉන් ඉවත් නොකරන බවට තිබෙන පූර්ව විශ්වාසය නොවේද..? සිරිසේන නමැති බහුබූත සේනාධිනායකයා කර ඇත්තේ කුමන තරමේ පිස්සුවක් දැයි මොළය කළඳක් තිබෙන කෙනෙකුට වුව තේරුම් යන්නේ ය.

සින්නයියා ගැන ෆීල්ඩ් මාර්ෂල් මෛත්‍රීට දුන් උපදෙස්

මේ සම්බන්ධයෙන් සිරිසේන ජනාධිපතිවරයාට තම අදහස් දැක්වූ ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා කියා ඇත්තේ මෙවැන්නක් නොකරන ලෙසයි. හමුදාපතිවරයෙකුට තම හමුදාව සකස් කර ගැනීමට අවම වශයෙන් වසරක් වත් අවශ්‍ය යැයි ඔහු පවසා ඇති අතර ට්‍රැවිස් සින්නයියා වැනි නාවික හමුදාපතිවරයෙකු ලංකාවට තව වසර 50 කටවත් නොලැබෙන බවද ෆීල්ඩ් මාර්ෂල්වරයා පවසා තිබේ. ඔහු ඊට හේතු ලෙස කියා ඇත්තේ තමන්ට යුද්දය නිමා කරද්දී එවක නාවික හමුදාපතිවරයා වූ වසන්ත කරන්නාගොඩගෙන් කිසිදු සහායක් නොලැබුනු නිසා තමන් ඍජුව ගණුදෙනු කෙළේ ට්‍රැවිස් සමග නිසා ඔහුගේ දක්ෂකම් ගැන හොඳින්ම දන්නා බවයි. (යුද කාලය පුරාම කරන්නාගොඩ සහ ෆොන්සේකා එකිනෙකා කතා බහ නොකළ බව ප්‍රසිද්ධ රහසකි) එල්ටීටීඊ යුද නැව් 10 ක් පහර දී ගිල්වා දැම්මේ කාගේවත් මොළයෙන් නොව ට්‍රැවිස්ගේ මොළයෙන් බවද ෆොන්සේකා මහතා ජනාධිපතිවරයාට පවසා තිබිණ. රටේ අභාග්‍යයට ඒ කිසිවක් සිරිසේන සේනාධිනායකයාට වැඩක් නොවිණ. ඔහුට වැඩක් වූයේ යුද නැවේ කොමිස් මුදල පමණි. 

සිසුන් ඝාතනය කළ නාවික හමුදා සුදු වෑන් කල්ලියේ අපරාධයේ වගකීම කරන්නාගොඩ කරාද දිගුවන බැවින් එය වළක්වාලීම සඳහා සින්නයියා ගෙදර යවන්නැයි කරන්නාගොඩ සිරිසේන ජනාධිපතිට කණ පින්දම් කී බවක්ද, සින්නයියා ඇමරිකානු ඔත්තුකාරයෙකැයි ජනාධිපතිට හිතවත් ජඩමාධ්‍ය කාරයෙකු කේලාම් කී බවක්ද, හේතුවෙන් ජනාධිපතිවරයා සින්නයියා විශ්‍රාම ගැන්වූ බව ජනපතිට හිතවත් අය කියති. ඒවාද හේතු වූවා විය හැකි නමුත් ප්‍රධාන කාරණය ඒ එකක් වත් නොව යුද නැවේ කොමිස් කුට්ටිය අහිමි වේ යයි යන බිය බව ඉඳුරාම සත්‍යයයි. කෙදිනක හෝ මෛත්‍රීපාල සිරිසේන මහතාට හිමි මුක්තිය අහිමි වූ දිනයක ඔහු රටේ ආරක්ෂාව දෙවැනි කොට සැලකීමේ අපරාධයට වගකීමට සිදුවනු ඇත. 

-ලංකා ඊ නිව්ස් විශේෂ වාර්තාකරුවෙකු විසිනි-

සබැඳි පුවත්
* ගෝඨාගේ මිග් ඩීල් එක පරාදයි..! අවුරුදු 10 ක් පරණ යුද නැවක් සමග පරණ ජෙට් 6 ක්, හෙලිකොප්ටර් 2 ක්, යුද ටැංකි 33 කින් මහාරාජා සහ ජනාධිපති බෑණා කෝටි දහස් ගණනක ගැහිල්ලක..! යෝජනාව ජනාධිපතිගෙන්.!!
* මෛත්‍රී ජනපතිගේ ‘බබා හුකුං‘ කාලය ඉවරයි..! මහාරාජාගේ සහ බෑණාගේ යුද නැව් ගැහිල්ලට විරුද්ධ වූ ට්‍රැවිස් සින්නයියා මාසයකින් ගෙදර යවයි..!! අද්මිරාල්ලා 3 ක් යුද නැව එපා කියලා; ගණන් අරන් නෑ
* මාස 4 කින් ජනාධිපති ‘බල්ලා මාර්ක්‘..! දෛවඥයන් කියලා..!! ඊට කලින් යුද නැව් ඩීල් එකෙන් ගාණ කපන්න හදලා: ටෙන්ඩර් කැඳවා නෑ: කැබිනට් ප්‍රකාශක කීවේ බොරු
* කිලී මහාරාජාට ජනාධිපති බෑණාට කෝටි දහස් ගණනක් කැපෙන දූෂිත යුද නැව් ඩීල් එකට කැබිනට් අනුමැතිය: කොමිටියක් දානවාටත් ජනාධිපති මුලදී විරුද්ධ වෙයි
* මෛත්‍රී වාරිමාර්ග ඇමැතිව සිටියදී අල්ලස් ලබා ගත් බව ලෝක බැංකුව පිළිගනී: අල්ලස් දුන් සමාගම බ්ලැක් ලිස්ට්..!

---------------------------
by     (2017-11-03 01:49:43)

ඔබගේ කාරුණික පරිත්‍යාගයෙන් තොරව ලංකා ඊ නිව්ස් පවත්වාගෙන යා නොහැක.

Leave a Reply

  4 discussion on this news

සිරස කියන්නෙ එල්ටීටී එකටත් වඩා මතවාදාත්මක වශයෙන් සිංහල ජාතියට විනාශයක් කරපු කරන සක්කිලි මාධ්‍ය කඩමාල්ලක්. ප්‍රබාකරන්ට තිබුන දර්ශනයක් තමන්ගෙ ජාතිය වෙනුවෙන්වත්. සිරසෙ කල්ලතෝනි ටිකට තියෙන්නෙ මේ රටේ උන්ට හෙන ගැහුවත් කමක් නෑ තමුන්ගෙ කුට්ටිය කඩාගන්ඩ වැඩක් සෙට් වෙනව නම්. අර ස්ටාර් මේ ස්ටාර්, ධාතු විජ්ජා, වෙසක් පොසොන් විජ්ජා, ස්වාභාවික විපත් විකුනාගෙන කෑම, අබ්බගාතයින්ගේ දුක විකුනාගෙන කෑම, මිනිසුන්ගේ දුප්පක්කම නූගත්තම සහ ප්‍රශ්න විකුනාගෙන කෑම, දේශපාලනය විකුනාගෙන කෑම, කොමිසම්වල උසාවි වල අහන නඩු විකුනාගෙන කෑම, රටේ සංවර්ධයනට අකුල් හෙලීම ආදී මෙකී නොකී කප්පරක් රටට ජනතාවට එරෙහි කාලක්නි, කුප්ප, පජාති තුප්පහි ක්‍රියාවලම පමනක් නියැලෙන සිරස වගේ මාධ්‍ය වේසාවො රැලකට සම්බන්ධ වෙලා ඒ වේසාවො රැල තමුන්ගෙ රෙද්ද අස්සෙ දාගෙන ඒ වේස බල්ලනගේ බැල්ලියන්ගෙ උවමනා එපාකම් අනුව නැටවෙන සිරිසේන නමැති ගස් බල්ලා නමේ පරිසමාප්ත අර්ථයෙන්ම පෙන්දෙකි. බුකියේ බැලුවොත් ලෝකයේ කිසිම නායකයෙකුට නොකල තරම් උසුලු විසුලු අපහාස කාටුන් මූ වෙනුවෙන් සෑම දිනකම නිර්මානය වේ. මේකා මේවා බලා වත් තමුන්ගේ පෞරැෂය සහ ආත්ම ගෞරවය රැක ගන්නා ආකාරයට ක්‍රියා නොකිරීමෙන් පෙනෙන්නේ මුගේ ජාතකයේ පටන්ම යම් කිසි අඩුවක් තිබෙන බවයි. රටේ ජනාධිපති මේ තරම් කවටයෙක් සහ දූෂිත මෝඩයෙක් වූ විට ඒ රටේ ජනතාවගේ අභිමානයට සිදුවන්නේ කුමක්ද? කිලි මහරාජා කියන අවජාතක වේස බල්ලා මේ වැඩේ රනිල් වික්‍රමසිංහටද කිරීමට මාන බැලුවා. එහෙත් මෙවැනි දූෂිතයෙකුගේ මාධ්‍යයකින් ලැබෙන බාල ජනප්‍රියත්වයට වඩා සිරස විසින් ප්‍රචාරය කරනු ලබන සියලු බොරැ ප්‍රචාර චරිත ඝාතන ව්‍යාජ චෝදනා මඩ දෙස් දොවොල් කුමන්ත්‍රන ආදියට මුහුන දි ඒවායෙහි සැබෑව එලිදරව් කිරීම සත්‍යයට සහ බුද්ධිමත් චින්තකයින්ට සහ බුද්ධියට බාරදී ඔහු තමුන්ගේ ආත්ම අභිමාන සහ ප්‍රතිපත්ති ආරක්ෂා කරගෙන අදටත් වැදගත් මහත්මයෙකු සේ මහත්මා දේශපාලනයේ නිරත වේ. සජිත් ප්‍රේමදාසලා, මෛත්‍රිලා, මහින්දලා සහ මුන් වඩා සිටිනහැට හුට හමාරක් උන් සිරස නැමැති කඩප්පුලි මාධ්‍ය පුලන්නාගේ අපුල්ලන්නන් බවට පත් විය. රනිල්ව අල්ලා ගැනීමට බැරි වූ තැන එදා සිට මූ රනිල් ට පහර ගසයි. නමුත් මූ දැන් ඒ උගුලට සිරිසේන හාල් පෙන්දාව අල්ලා ගෙන සිටී. ඕන පෙන්දෙක් ඕනැ එකෙකුට කියවා ඇරවා ගත්තාට අපට කම් නැත. එහෙත් මේකා අපේ රටේ නායකයාය. උෟ කරනා කියනා දේවල් වල ප්‍රතිපල රටක් හැටියට අපිටද අනිවාර්යයෙන්ම භුක්ති විඳිමට සිදුවේ. මහින්දයා නොරොච්චෝලයක් අටවා කරන ලද අපරාධයට අපි සියලු දෙනාම අදටත් වන්දි සහ නය ගෙවමින් සිටිමු. ඒ මදිවාට සිරිසේනයා දැන් පරන නාවික යකඩ ගොඩකටද අපව යට කර දමා කොමිස් කුට්ටියකට රට පාවා දිමට සියලු කටයුතු කරමින් සිටී. මුන්ගේ සියලු වංචා දූෂන කොමිස් ගැහිලි අකාර්යක්ෂමතාවයන් සහ නොපනත්කම් වල වන්දිය බදු මුදල් සහ දුප්පත්කම, අසංවර්ධිත බව, අඳුරැ අනාගත නිමිති, බලාපොරොත්තු විරහිත භාවය, නොසතුට සහ බලාපොරොත්තු කඩවීම් ලෙස රටේ ජනතාව ලෙස අප සියලු දෙනා වන්දි ගෙවමින් සිටිති. රටේ නියම උරැමක්කාරයන් සහ දහඩිය වගුරන වැඩ කරන ජනතාව එලෙස දුක් විඳිනා අතර සිරිසේනගේ පවුලේ උන් සහ උන් සමග ඩීල් ගසාගෙන සිටින සිරස ආදි කොමිස් ඒජන්තයින් මෙලොව සියලු සැප සම්පත් මිල මුදල් වරප්‍රසාද සහ අවස්ථා ප්‍රවේනි උරැමයට සවි කරගනිමින් සිටිති. බුකියෙන් තමුන්ට තර්ජනය කලා කියා පුද්ගලයෙකු රිමාඩ් කල සිරිසේනයා පාර්ලිමේන්තුවට බෝම්බ ගසනවා යැයි කියූ එකාව නලවයි. මෙහෙව් එකෙක්ට කියා ජනාධිපතිකම් කරවගන්නා උන් නම් අමුතුම සැම්පලයේ සත්ව කොට්ඨාශයකි. මේකා මේ පුටුවෙන් තොලොංජි වූ දිනක සහ නියම නීති යුක්ති ගරැක මිනිසුන් නීතිය යුක්තිය පසිඳලන ස්ථාන වලට පත්වූ දිනක මූව කුදලාගෙන විත් උපරිම දන්ඩනයට ලක් කල යුතුමය.
-- by silva on 2017-11-03

මෙවැනි දෑ අනාවරණය කිරීම විශිෂ්ටයි! වෙන්නට කලින් වැළැක්විය හැකි නම් අති අතිවිශිෂ්ටයි! මේ බලන්න - " මුදල් ගසා කෑ ජනාධිපති පුතයාට කෝටි 54 ක දඩයක් හා වසර 3 ක සිර දඬුවම්!". අපටත් මේවා ගැන ජ්‍යාත්‍යන්තරයේ නඩු පැවරිය නොහැකි ද? ඊට ඇති අවහිරතා මොනවාද? මේ ගැන ප්‍රවීන නීතිවේදියෙකුගෙන් කරුණු පැහැදිලි කිරීමක් බලාපොරොත්තු වෙමු.
-- by චාන් on 2017-11-03

ලැජ්ජා බය නැති. ප්‍රමානවත් උසස් අද්‍යාපනයක් නැති. සාමාන්‍ය ලිපිකරුවෙක් වැනි කෙනෙක් ජනාධිපතිකම වැනි උසස් භාරදුර්‍ය තනතුරකට කිසිසේත්ම සුදුසුනෑ. ඒකයි සල්ලි වලට ගිජුවෙලා ට්‍රැවස් වැනි උගත්, වැදගත්, කර්‍යශූර නිලධාරියෙකුට, ඒතරම් අවමානයක්, අපහාසයක් කලේ. මේ පහත් වැඩේට සම්පූර්නයෙන්ම වග කියන්න ඕනේ චන්ද්‍රිකා මහත්මියයි. මොකද ඇය තමයි මේ මිනිහාගේ වගකීම භාරගෙන, මේ මිනිහාගේ නම යෝජනා කලේ. සමහර විට ඇයත් මෙහෙම වෙයි කියලා අපි වගේම සිතන්න ඇති. හැබැයි මෙයාගේ වාසනාවටම තමයි සෝභිත හාමුදුරුවෝ අපවත් උනේ, උන් වහන්සේ හිටියානම් බලන්න තිබුනා මෙයාගේ අමුඩෙට වෙන හරිය. කොහොම උනත් තව දුරටත් යහපාලනයක් ගැන බලාපොරොත්තු තියන්න බෑ. කොහොම උනත් රනිල් තමයි එකම සුදුස්සා කවුරු කොහොම කීවත්. බලමු ගමරාලගේ ඊලඟ අඩව්ව මොකක්ද කියලා. නැති එකාට ඇති උනාමත් පිස්සුවලු, ඇති එකාට නැති උනාමත් පිස්සුවලු.
-- by Batty on 2017-11-03

මහා උජාරුවෙන් කතා කළ ප්රෝඩාවකට දුන් කාලය ඇති
-- by Openmind on 2017-11-05

News Categories

    අතීතයෙන් පාඩමක් - විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ ලිපි

    අධිකරණ

    අප්පු-ආමි ගේ ‌කොළම

    අඹයාගේ ඇඹුල

    ආචාර්ය අමලානන්ද ‌ගේ ලිපි

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවකට මහජන යෝජනා

    ආනන්දගේ පරිවර්තන

    ආනුභාවනන්දගේ ලිපි

    more

Links