-LeN අධිකරණ වාර්තාකරු ලියයි
(ලංකා ඊ නිව්ස් -2025.අගෝ.02, ප.ව.4.20) ශ්‍රී ලංකාවේ අධිකරණ ක්ෂේත්‍රයේ විනිසුරු අසුන්වල පහරමින් සිටි 'අලි හොරා විනි-සොරා' තිළින වින්සන්ට් සුලෝචන ගමගේ හෙවත් තිලින ගමගේ ගේ වැඩ තහනම් කර ඇතැයි ලංකා ඊ නිව්ස් වෙත වාර්තා වේ. වැඩ තහනම් කරන විට ඔහු සේවය කරමින් සිටියේ මොරටුව ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා ලෙස ය.
අධිකරණ සේවා කොමිෂන් සභාව විසින් ඔහු වෙත චෝදනා පත්‍රයක් නිකුත් කර ඇති අතර ඒ සමගම ඔහුගේ වැඩ තහනම් කර ඇත.
කූඨ ලේඛන සකසා හොර අලියෙකු තබා ගැනීම, තමාට මරණ තර්ජන ඇතැයි ව්‍යාජ පැමිණිලි කිරීම, අනවසරයෙන් ඉඩම් ගොඩ කර සන්තකයේ තබා ගැනීම ඇතුළු විෂමාචාර රාශියක් පිළිබඳ තිළින ගමගේ ට චෝදනා එල්ල වී ඇත.
අලි සොරකම සම්බන්ධයෙන් මීට පෙර ද වැඩ තහනම් වී සිටි තිළින ගමගේ දැඩි රාජපක්ෂ හෙංචයියෙකු බැවින් රාජපක්ෂලාගේ ආණ්ඩුවක් පැමිණි විට යළි නඩු අහන්නට පටන් ගන්නේ ය.
තිළින ගමගේ සම්බන්ධයෙන් ලංකා ඊ නිව්ස් පළ කළ පුවත් කිහිපයක් පහතින් කියවන්න
සබැඳි පුවත්
* රෙදි ඉල්ලේ; කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තිලිණ ගමගේ ගේ සහෝදරයා අල්ලස් දැලට මාට්ටු..!
* සලෝචන අයියා බන්ධනාගාර ගත කර සිටියදීම කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තිලිණ ගමගේ මල්ලිට මොරටුවට ස්ථාන මාරුවීමක්..! ලංකා ඊ නිව්ස් පුවත පලදරයි..!
* විනිසුරු තිළිණ ගමගේ තමන්ට මරණ තර්ජන ඇතැයි කී බොරුව අතේ පත්තු..!
* අලිහොරා විනි-සොරා යුක්තියට පයින් ගසා නීතියේ ඇසට වැලි ගසා පැන යයි: දුටු තැන අල්ලා සීඅයිඩියට බාර දෙනු..!
* ලංකා ඊ නිව්ස් අනතුරු ඇඟවූවා සේම අලි හොරා විනි-සොරාගේ නඩුවට ගජයා කණිෂ්ක විජේරත්න මැදිහත් වෙයි..! නීති විරෝධීව අපේක්ෂිත ඇප ලබා දීමට යයි..!!
---------------------------
by (2025-08-02 11:16:57)
Leave a Reply
අජිත් ගලප්පත්තිගේ සිනමා විචාර එකතුව
අතීතයෙන් පාඩමක් - විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ ලිපි